චයිනීස් බත් කඩකරුගේ නරක් වූ සිරුර හමුවෙයි – කොවිඩ් ගැනත් සැකයක්

දින කිහිපයකට පෙර මිය ගිය පුද්ගලයකුගේ සිරුරක් මොරටුව මොරටුමුල්ල පොලිස් බල ප්‍රදේශයේ දී සොයාගත් බව මොරටුමුල්ල පොලීසිය පවසනවා.

මියගිය පුද්ගලයා ජීවත් වූ කාමරයේ ඇඳක් මත තිබිය දී මෙම සිරුර සොයාගත් බවයි පැවසෙන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ මොරටුමුල්ල ප්‍රදේශයේ වසර 15ක් පමණ තිස්සේ “චයිනීස් බත් කඩයක්” පවත්වාගෙන ගිය 40 හැවිරිදි පුද්ගලයෙක්.

බලංගොඩ, වැලිගපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකුවන මෙම පුද්ගලයා මොරටුමුල්ල පොළ ආසන්නයේ දෙමහල් නිවසක කාමරයක් කුලියට ගෙන පදිංචිව සිට ඇත්තේ අදාළ බත් කඩය පවත්වාගෙන යාම සඳහා යි.

ප්‍රදේශවාසීන් පසුගිය 19 වැනිදා සිට මෙම පුද්ගලයා දැක නොමැති අතර ඔහු විසූ කාමරය දෙසින් අධික දුර්ගන්ධයක් ද පැමිණ තිබෙනවා.

පසුව මේ පිළිබඳව සැක සිතුණු ප්‍රදේශවාසීන් විසින් මොරටුමුල්ල පොලිසිය වෙත දැනුම් දීමටයි කටයුතු කර ඇත්තේ.

ඒ අනුව අපරාධ අංශයේ නිලධාරීන් එම ස්ථානය පරීක්ෂා කර කාමරයේ දොරගුළු කඩා බැලීමේ දී මෙම මළසිරුර හමු වී තිබෙනවා.

එය අධික ලෙස නරක් වී ඇති බව සඳහන්.

ඒ අනුව අදාළ පුද්ගලයා දින කිහිපයකට පෙර මරණයට පත්වන්නට ඇති බවට සැක කෙරෙනවා.

මේ අතර ඇතැම් ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම පුද්ගලයා කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මරණයට පත් වූයේ දැයි තමුන් හට සැකසහිත බවයි.

කෙසේ වෙතත් මරණ පරීක්ෂකවරයා නියම කර ඇත්තේ දේහය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරය වෙත යවා PCR පරීක්ෂණයක් සිදු කිරීමට යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?