චමරිගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති පළමු විස්සයි විස්ස තරගය ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අද (14) හැකියාව ලැබුණා.

ක්‍රයිස්චර්ච් හිදී පැවති මෙම තරගය නවසීලන්තය පරදා ශ්‍රී ලංකාව ජය ගත්තේ කඩුලු හතකින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 05ක් තුළ සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 101ක් පමණයි.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ මල්කි මදාරා පන්දුවාර 03යි පන්දු 05ක් තුළ ලකුණු 14ක් පමණක් ලබාදෙමින් නවසීලන්ත කඩුලු 03ක් බිඳ දැමුවා.

ඊට අමතරව කවිෂා දිල්හාරි සහ ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුලු 02 බැඟින් බිඳ දැමුවා.

නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභිය බවට එමා මැක්ලියෝඩ් පත් වුණේ ලකුණු 44ක් රැස් කරමින්.

අනතුරුව ලකුණු 102ක ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවට පහරදීම ආරම්හ කළා.

එහිදී නායිකා චමරි අතපත්තු නොදැවී ලකණු 64ක් රැස්කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරාගෙන ගිය අතර; නිලක්ෂිකා සිල්වා සහ කවීෂා දිල්හාරි ලකුණු 12 බැගින් රැස් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 14යි එක් පන්දුවක් තුළ කඩුලු 03ක් පමණක් දැවී අදාළ ඉලක්කය පසුකර යමින් මෙම තරගය ජයගත්තා.

මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාව නවසීලන්තයේ දී ලැබූ පළමු ජාත්‍යන්තර විස්සයි විස්ස ජය ලෙස වාර්තා අතරට එක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
0
+1
10
+1
4
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34