චන්න අයියත් සමහර විට ඉස්සරහට මෙහෙට එයි

ලාංකීය ජනයා අතුරින් වැඩි පිරිසක් ආදරය කරන මෙරට කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් චරිතයක් තමයි ගයාත්‍රි ඉරෝෂා ඩයස් කියල කියන්නේ. කොහොම නමුත් මෙරට ටෙලි නාට්‍යය කලාව වෙනුවෙන් සුවිශේෂ කාර්‍යභාර්‍යයක් ඉටුකළ ඇයව අපට කොළඹ ඉතාලිය, පාර දිගේ, වැනි ජනප්‍රිය ටෙලි නිර්මාණ කිහිපයක් ඔස්සේ දැකගන්නට ලැබුණා. කෙසේවෙතත් මේ දිනවලදී අපට මේ ජනප්‍රිය චරිතය කලා ක්ෂේත්‍රය තුළින් දැකගන්නට ලැබෙන්නේ නැහැ.

කොහොමහරි ඉතින් ඊට හේතුව වනුයේ ඇය විදෙස් ගතවීමට ගන්නා ලද තීරණයයි. ඇත්තෙන්ම ඇය තීරණය කර සිටියේ ලංකාව අතහැර කැනඩාවේ පදිංචියට යාමටයි. ඉතින් ඒ අනුව ඇය මේවෙද්දී ඉන්නේ කැනඩාවේ. කොහොම නමුත් ඇගේ රසික ජනයා සිතාගෙන සිටියේ ඇය මේ විදිහට කැනඩාව බලා ගියේ සංචාරයක් සදහා කියලයි. නමුත් ඇය යන්නේ එහි පදිංචියටයි. ඒ සිය දියණියන්ගේ උසස් අධ්‍යාපන කටයුතු ගැන හිතලයි.

කොහොම නමුත් ගයත්‍රිගේ වැඩිමහල් දියණිය මනෝ විද්‍යා අංශයෙන් උපාධිය හදාරනවා කියලයි ඇය කියන්නේ. මේ අතර ඇය නම් කියන්නේ සිය දරුවන්ගේ අනාගතය ගැන හිතල තමන් මේ තීරණය ගත් බවයි. ඒ වගේම පොඩි දුවත් මෙහෙ ඉදලා අධ්‍යාපන කටයුතු කරාවි කියලයි ඇය නම් කියන්නේ. මේ අතර ඇය කැනඩාවේ පදිංචියට යාමට ගත්තු තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වලා තිබුනේ මෙලෙසයි.”අම්මගේ මරණෙන් පස්සේ ලංකාව එපාවුනා. මිනිස්සු කොතරම් ආත්මාර්ථකාමී ද කියලා මට හිතුනා. ඊට පස්සේ ලංකාවේ ඉන්නත් එපා වුනා. ගොඩක් දුකෙන් හිටියේ මම ඇඩුව ගමන් ඉදියේ දුලා දෙන්න කිවුව අඩන්න එපා අම්මා කියලා. ඒත් මම එයාලට කිවුවා මම නැතිවුනොත් ඔයාලට කොහොමද දැනෙන්නේ කියලා. මට හිතුනා දරුවෝ එක්ක නිදහසේ ඉන්න ඕන කියලා. මේ ඉන්න ටික කාලේ එකයි මෙහෙ ආවේ. ජනප්‍රියත්වය එක්ක කාලයක් ජිවත් වුනා. දැන් ඕන සාමාන්‍ය ජිවිතයක් ගත කරන්න නිදහසේ ඉන්න.” කියලයි

තමා සිටින්නේ තමාගේ නංගිගේ නිවසේ බවත් කියන ඇය කියන්නේ ඔවුන් රැකියාව සිදු කරන්නේ කැනඩාවේ කියලයි. ඉතින් ඒ නිසාවෙන් තමන්ට පාලුවක් නැහැ කියලයි ඇය කියන්නේ. ඒ වගේම එයාලගේ දරුවොත් ඉන්නවා කියන ගයත්‍රී කියන්නේ එයාලා කාලයක් තිස්සේ එහෙ තමයි ඉන්නේ කියලයි.කොහොම උනත් මෙහෙ ගොඩක් සීතලයි කියන ඇය කියන්නේ ඇත්තටම සතුටින් නිදහසේ දැන් ඉන්නවා කියලයි. එපමණක් නොවෙයි දරුවන්ගේ අනාගතේ ගැන හිතලා ඉන්නවා කියන ඇය කියන්නේ ඔවුනුත් කැමැත්තෙන් තමයි මේ ගමන ආවේ කියලයි.

කොහොමහරි ඉතින් සති අන්ත පුවත්පතකට අදහස් දක්වමින් තමයි ඇය මේ බව කියා සිටියේ. මේ අතර එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය අවසන් වශයෙන් කියා සිටියේ මෙන්න මේ වගේ කතාවකුයි ”චන්න අයියත් සමහර විට ඉස්සරහට එන්න පුළුවන් මෙහෙ. එයා දරුවොන්ට ආදරෙයි එයාලගේ වැඩ වලදී පවුලක් විදියට අපි එකට ඉන්නවා. එහෙම ප්‍රශ්නයක් නැහැ. දරුවෝ තනිකරන්නේ නැහැ අපි අම්මා තාත්තා විදියට. චන්න අයියට විශ්වාසයි මම දරුවෝ හොදින් බලාගන්නවා” කියලයි.

මේ අතර ඇය කියන්නේ කොතරම් අය සිටියත් අන්තිමට ඉතුරුවෙන්නේ තමන්ගේ පවුලේ අය විතරක් බවයි. ඉතින් මේ විදිහට කැනඩාවේ පදිංචියට ගිය මේ සුන්දර රංගන ශිල්පිනියට ඇගේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සාර්ථක වේවා කියල සුභපැතුම් එකතු කරනවා.

246839440 430602461764340 7069375182866216830 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
35
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08
Video thumbnail
JVP එකේ පැවැත්ම රැදිලා තියෙන්නේ අල්ලස් මත..දිවි අහිමිවූ තරුණයෝ අද හිටියනම් මාලිමාවට එරෙහිව නැගිටිනවා
06:49
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57
Video thumbnail
බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක්..ඉන්ධන මිලට වඩා රු. 50ක් අඩුවෙන් දෙන්නේ
02:08
Video thumbnail
AI සජිත් ප්‍රේමදාස නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
21:26
Video thumbnail
කබීර් හොඳම එකෙන් අමතද්දි ජනාධිපති සහන මල්ලක් අරගෙන පාර්ලිමේන්තුවට එයි
02:36
Video thumbnail
මරික්කාර් බිමල්ට දාපු කින්ඩිය
00:57