චන්දි 17 වැනි ටෙස්ට් ශතකය පෙනෙන මානයේ දී දැවී යයි

ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ 17 වැනි ශතකය පෙනෙන මානයේ සිටියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවෙකු වන දිනේෂ් චන්දිමාල් මීට ටික වේලාවකට (26) පෙර ඉතා අවාසනාවන්ත ලෙස දැවී යාමකට හසු වුණා.

ඒ මේ වනවිට සංචාරක බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ අවසන් භාගයේ දී පළමු ඉනිම වෙනුවෙන් පිතිකරණයේ යෙදෙමින් සිටියදී.

දවස පුරා බංග්ලාදේශ පන්දු යවන්නන් විසින් ඩැහැගැනීමට මාන බලමින් සිටි ප්‍රබල කඩුල්ලක් ලෙස චන්දිගේ කඩුල්ල සැලකිය හැකියි.

චන්දි මෙම අවාසනාවන්ත කඩුල්ලට හසුවන්නේ නයීම් හසන් යොමු කළ පන්දුවකට Reverse Sweep පහරක් එල්ල කිරීමට ගොස්, පන්දුව අත් ආවරණයේ පහළ කොටසේ වැදීමත් සමග කඩුලු රකින ක්‍රීඩක ලිටන් දාස් විසින් එය රැකගනු ලැබීමත් සමගයි.

චන්දිමාල්ගේ ලකුණු 93 ඉනිමට දැවැන්ත හයේ පහරක් හා හතරේ පහර 10ක් ඇතුළත්.

ඒ අනුව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පැතුම් නිස්සංක සමග ගොඩනගාගෙන සිටි ලකුණු 194ක සබඳතාව තරගයේ අවසන් භාගයේ දී මෙලෙස බිඳ වැටීමකට ලක් වුණා.

බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිමට සියල්ලන් ම ලකුණු 247කට දැවී ගිය අතර ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට බංග්ලාදේශයේ පළමු ඉනිමට වඩා ලකුණු 35ක් ඉදිරියෙන් සිටිනවා.

ඒ කඩුලු දෙකක් පමණක් දැවී සිටිමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?