චන්දි 17 වැනි ටෙස්ට් ශතකය පෙනෙන මානයේ දී දැවී යයි

ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ 17 වැනි ශතකය පෙනෙන මානයේ සිටියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවෙකු වන දිනේෂ් චන්දිමාල් මීට ටික වේලාවකට (26) පෙර ඉතා අවාසනාවන්ත ලෙස දැවී යාමකට හසු වුණා.

ඒ මේ වනවිට සංචාරක බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ අවසන් භාගයේ දී පළමු ඉනිම වෙනුවෙන් පිතිකරණයේ යෙදෙමින් සිටියදී.

දවස පුරා බංග්ලාදේශ පන්දු යවන්නන් විසින් ඩැහැගැනීමට මාන බලමින් සිටි ප්‍රබල කඩුල්ලක් ලෙස චන්දිගේ කඩුල්ල සැලකිය හැකියි.

චන්දි මෙම අවාසනාවන්ත කඩුල්ලට හසුවන්නේ නයීම් හසන් යොමු කළ පන්දුවකට Reverse Sweep පහරක් එල්ල කිරීමට ගොස්, පන්දුව අත් ආවරණයේ පහළ කොටසේ වැදීමත් සමග කඩුලු රකින ක්‍රීඩක ලිටන් දාස් විසින් එය රැකගනු ලැබීමත් සමගයි.

චන්දිමාල්ගේ ලකුණු 93 ඉනිමට දැවැන්ත හයේ පහරක් හා හතරේ පහර 10ක් ඇතුළත්.

ඒ අනුව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පැතුම් නිස්සංක සමග ගොඩනගාගෙන සිටි ලකුණු 194ක සබඳතාව තරගයේ අවසන් භාගයේ දී මෙලෙස බිඳ වැටීමකට ලක් වුණා.

බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිමට සියල්ලන් ම ලකුණු 247කට දැවී ගිය අතර ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට බංග්ලාදේශයේ පළමු ඉනිමට වඩා ලකුණු 35ක් ඉදිරියෙන් සිටිනවා.

ඒ කඩුලු දෙකක් පමණක් දැවී සිටිමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26