චන්දිමාල්ගේ සාදයට පිරිස පැමිණ ඇත්තේ වෙනත් දොරකින්

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරුපහේ හෝටලයක පැවැත්වූ සුපිරි උපන්දින සාදය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

මෙම සිදුවීමට සම්බන්ධ තවත් පුද්ගලයන් 6 දෙනකු ඊයේ (01 ) කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම පිරිස අතර පිරිමි පුද්ගලයන් 5 ක් සහ කාන්තාවක් ද වනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ සහ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි යන දෙදෙනා පෙරේදා (31) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් ඔවුන් හඳුනා ගැනීමට පොලිසිය සීසීටීවී දර්ශන නිරීක්ෂණය කරමින් සිටින බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

ආරාධිතයන් හෝටලයට ඇතුළුවීමේදී ඔවුන්ගේ නම් සහ හැඳුනුම්පත් අංක සටහන් කරගෙන නැති බවත්, බොහෝ හෝටල්වල ඇතුළුවීමේ ස්ථානයට අමතරව වාහන නතර කරන ස්ථානයේ සෝපානය මගින් කෙළින්ම අදාළ කාමරයට යෑමේ හැකියාව ඇති බවත් ඒ ආකාරයෙන් මෙම උපන්දින සාදයට පිරිස පැමිණෙන්නට ඇති බවත් පොලිසිය සැකකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45


?