චන්දිමාල්ගේ සාදයට පිරිස පැමිණ ඇත්තේ වෙනත් දොරකින්

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරුපහේ හෝටලයක පැවැත්වූ සුපිරි උපන්දින සාදය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

මෙම සිදුවීමට සම්බන්ධ තවත් පුද්ගලයන් 6 දෙනකු ඊයේ (01 ) කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම පිරිස අතර පිරිමි පුද්ගලයන් 5 ක් සහ කාන්තාවක් ද වනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ සහ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි යන දෙදෙනා පෙරේදා (31) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් ඔවුන් හඳුනා ගැනීමට පොලිසිය සීසීටීවී දර්ශන නිරීක්ෂණය කරමින් සිටින බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

ආරාධිතයන් හෝටලයට ඇතුළුවීමේදී ඔවුන්ගේ නම් සහ හැඳුනුම්පත් අංක සටහන් කරගෙන නැති බවත්, බොහෝ හෝටල්වල ඇතුළුවීමේ ස්ථානයට අමතරව වාහන නතර කරන ස්ථානයේ සෝපානය මගින් කෙළින්ම අදාළ කාමරයට යෑමේ හැකියාව ඇති බවත් ඒ ආකාරයෙන් මෙම උපන්දින සාදයට පිරිස පැමිණෙන්නට ඇති බවත් පොලිසිය සැකකරනවා.

  1. ෂැංග්‍රිලා හොටෙලෙ උන්ටත් මෙකි බැක් සයිඩ් ෆ්‍රොන්ට් සයිඩ් දුන්නද දන්නෙ නෙහෙ , එකෙත් මුන්ව වසන් කරන්නෙ, චීන්නුත් බැක් සයිඩ් එකට දෙන් පුරුදු වෙලා වාගෙ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30