චන්දිමාල්ගේ උපන්දින සාදයට පියුමි ඇතුලු පිරිස හෝටලයට පැමිණි හැටි (වීඩියෝ)

සංචරණ නීති සහ නිරෝධායන නීති කඩකරමින් කොළඹ තරු පන්තියේ හෝටලයක රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ විසින් සංවිධාන කළ උපන්දින සාදයට නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි ඇතුලු පිරිස පැමිණෙන ආකාරය දැක්වෙන දර්ශණ නිකුත්වී තිබෙනවා.

අදාළ සාදයට සහභාගී වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් 7 දෙනෙකු රුපියල් ලක්ෂය බැගින්වූ පුද්ගලික ඇප මත මුදාහැරීමට ද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.

කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් සිව්දෙනෙකු සහ සැකකාරියන් තුන් දෙනෙකු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වයි. ප්‍රභාකරන් මහතා හමුවටයි ඉදිරිපත් කරනු ලැබුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ මෑණියන් වන 73 හැවිරිදි කුරුවිට ගමගේ ගුණවතී සිල්වා, ඔහුගේ ඥාති දියණියක් වන 16 හැවිරිදි කේ.ජී. අනර්කලී ආකර්ෂා සහ මාධවී ඇන්තනි යන අය ද ඇතුළත් වුණා.

කොළඹ අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ එම සිද්ධියට සම්බන්ධ සියලුම සැකකරුවන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකරුවන් ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් පොලිසිය විරුද්ධ නොවන අතර ඇප ලබා දීමෙන් අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මාර්ගයෙන් මෙම සැකකරුවන් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කරන බව සහකාර පොලිස් අධිකාරීවරයා කියාසිටියා.

මෙහිදී මාධවී ඇන්තනී නමැති සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මේරි ඩික්මන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ කොරෝනා ආසාදිතයින් නිවසේ දී නිරෝධායනයට ලක් කිරීම රජයේ වත්මන් ප්‍රතිපත්තිය වී ඇති බවයි.

ඒ අනුව මෙම සැකකරුවන් නිවසේදීම නිරෝධායනයට ලක් කිරීමට පියවර ගන්නා ලෙසද ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එහිදී සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා අධිකරණය හමුවේ කියාසිටියේ මේ පිළිබඳව තීරණය කළ යුත්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සියලුම සැකකරුවන් රුපියල් ලක්ෂය බැගින්වූ පුද්ගලික ඇප මත මුදාහැරීමට නියෝග කළ අතර පැමිණිල්ල නැවත අගෝස්තු මස 27 වනදා කැඳවීමට ද නියම කළා.

මෙම උපන්දින සාදය සංවිධානය කළ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ, නිරූපන ශිල්පී පියුමි හංසමාලි ඇතුළුව මේ වනවිට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 21 ක්.

මීට පෙර අත්අඩංගුවට ගත් චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි ඇතුළු 15 දෙනා මේ වනවිටත් සති දෙකක කාලසීමාවක් සඳහා නිරෝධායනයට යොමුකර තිබෙනවා.

මේ අතර, පියුමි හංසමාලි ඇතුළු පිරිසක් සහභාගි වූ චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය පැවති තරු පන්තියේ හෝටලයේ සූපවේදියෙකු ඇතුළු සේවකයන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වුණා

https://youtu.be/cVUjc6rkNqk
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?