චන්දිමාල්ගේ උපන්දින සාදයට පියුමි ඇතුලු පිරිස හෝටලයට පැමිණි හැටි (වීඩියෝ)

සංචරණ නීති සහ නිරෝධායන නීති කඩකරමින් කොළඹ තරු පන්තියේ හෝටලයක රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ විසින් සංවිධාන කළ උපන්දින සාදයට නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි ඇතුලු පිරිස පැමිණෙන ආකාරය දැක්වෙන දර්ශණ නිකුත්වී තිබෙනවා.

අදාළ සාදයට සහභාගී වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් 7 දෙනෙකු රුපියල් ලක්ෂය බැගින්වූ පුද්ගලික ඇප මත මුදාහැරීමට ද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.

කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් සිව්දෙනෙකු සහ සැකකාරියන් තුන් දෙනෙකු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වයි. ප්‍රභාකරන් මහතා හමුවටයි ඉදිරිපත් කරනු ලැබුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ මෑණියන් වන 73 හැවිරිදි කුරුවිට ගමගේ ගුණවතී සිල්වා, ඔහුගේ ඥාති දියණියක් වන 16 හැවිරිදි කේ.ජී. අනර්කලී ආකර්ෂා සහ මාධවී ඇන්තනි යන අය ද ඇතුළත් වුණා.

කොළඹ අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ එම සිද්ධියට සම්බන්ධ සියලුම සැකකරුවන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකරුවන් ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් පොලිසිය විරුද්ධ නොවන අතර ඇප ලබා දීමෙන් අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මාර්ගයෙන් මෙම සැකකරුවන් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කරන බව සහකාර පොලිස් අධිකාරීවරයා කියාසිටියා.

මෙහිදී මාධවී ඇන්තනී නමැති සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මේරි ඩික්මන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ කොරෝනා ආසාදිතයින් නිවසේ දී නිරෝධායනයට ලක් කිරීම රජයේ වත්මන් ප්‍රතිපත්තිය වී ඇති බවයි.

ඒ අනුව මෙම සැකකරුවන් නිවසේදීම නිරෝධායනයට ලක් කිරීමට පියවර ගන්නා ලෙසද ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එහිදී සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා අධිකරණය හමුවේ කියාසිටියේ මේ පිළිබඳව තීරණය කළ යුත්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සියලුම සැකකරුවන් රුපියල් ලක්ෂය බැගින්වූ පුද්ගලික ඇප මත මුදාහැරීමට නියෝග කළ අතර පැමිණිල්ල නැවත අගෝස්තු මස 27 වනදා කැඳවීමට ද නියම කළා.

මෙම උපන්දින සාදය සංවිධානය කළ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ, නිරූපන ශිල්පී පියුමි හංසමාලි ඇතුළුව මේ වනවිට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 21 ක්.

මීට පෙර අත්අඩංගුවට ගත් චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි ඇතුළු 15 දෙනා මේ වනවිටත් සති දෙකක කාලසීමාවක් සඳහා නිරෝධායනයට යොමුකර තිබෙනවා.

මේ අතර, පියුමි හංසමාලි ඇතුළු පිරිසක් සහභාගි වූ චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය පැවති තරු පන්තියේ හෝටලයේ සූපවේදියෙකු ඇතුළු සේවකයන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වුණා

https://youtu.be/cVUjc6rkNqk


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42