AFC Banner
Empty Ad
Empty Ad

චන්ද්‍රිකා බණ්ඩාරනායක නැති අතරේ හොරගොල්ල වලව්වේ සිද්ධ වූ දේ

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට අයත් හොරගොල්ල වලව්වට නාඳුනන පුද්ගලයෙකු ඇතුළුවීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විශේෂ විමර්ශනයක් දියත් කර තිබේ.

හිටපු ජනාධිපතිනියගේ ආරක්ෂක අංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් වලව්වේ ආරක්ෂාව සඳහා යොදවා තිබියදී ඊයේ (20) අලුයම් කාලයේදී වලව්වේ දොරක වීදුරුවක් බිඳ අදාළ පුද්ගලයා ඊට ඇතුළු වී ඇත.

කුමාරතුංග මහත්මියගේ කාර්යාලයේ සේවකයෙකු සඳහන් කළේ, හොරගොල්ල වලව්වට පිවිසෙන මාර්ගය අසල බණ්ඩාරනායක සමාධියේ සහ වලව්වේ ආරක්ෂාවට පොලිස් මුරපොළක් ද පිහිටුවා තිබියදී මේ අයුරින් එම පුද්ගලයා වලව්වට ඇතුළු වී තිබීම ප්‍රශ්නසහගත බවය. 

හිටපු ජනාධිපතිනිය එදින කොළඹ 7 පිහිටි ඇගේ නිල නිවසේ රැඳී සිට ඇති අතර ඇයගේ ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් තිදෙනෙකු වලව්වේ ආරක්ෂාව සඳහා යොදවා තිබී ඇත. 

මේ පිළිබඳව නිට්ටඹුව පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බවය.

එමෙන් ම, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?