චන්ද්‍රිකා බණ්ඩාරනායක නැති අතරේ හොරගොල්ල වලව්වේ සිද්ධ වූ දේ

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට අයත් හොරගොල්ල වලව්වට නාඳුනන පුද්ගලයෙකු ඇතුළුවීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විශේෂ විමර්ශනයක් දියත් කර තිබේ.

හිටපු ජනාධිපතිනියගේ ආරක්ෂක අංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් වලව්වේ ආරක්ෂාව සඳහා යොදවා තිබියදී ඊයේ (20) අලුයම් කාලයේදී වලව්වේ දොරක වීදුරුවක් බිඳ අදාළ පුද්ගලයා ඊට ඇතුළු වී ඇත.

කුමාරතුංග මහත්මියගේ කාර්යාලයේ සේවකයෙකු සඳහන් කළේ, හොරගොල්ල වලව්වට පිවිසෙන මාර්ගය අසල බණ්ඩාරනායක සමාධියේ සහ වලව්වේ ආරක්ෂාවට පොලිස් මුරපොළක් ද පිහිටුවා තිබියදී මේ අයුරින් එම පුද්ගලයා වලව්වට ඇතුළු වී තිබීම ප්‍රශ්නසහගත බවය. 

හිටපු ජනාධිපතිනිය එදින කොළඹ 7 පිහිටි ඇගේ නිල නිවසේ රැඳී සිට ඇති අතර ඇයගේ ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් තිදෙනෙකු වලව්වේ ආරක්ෂාව සඳහා යොදවා තිබී ඇත. 

මේ පිළිබඳව නිට්ටඹුව පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බවය.

එමෙන් ම, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා හිටපු විදියටමයි අදත් ජීවත් වෙන්නේ..අපිට හීනමානයක් නෑ - හිතාමතා කිසිම වරදක් කරන්නේ නෑ අපි
05:46
Video thumbnail
අපේ චන්දන සහෝදරයා අනතුරකට ලක්වෙලා - වරදක් කරලා තියෙනවනම් කාට වුණත් දඬුවම් ලැබෙනවා
01:55
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් කථානායකට විරුද්ධ විශ්වාසභංග‍ය අත්සන් තබපු හැටි
02:13
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25