ඝාතනය කර වළ දැමූ තරුණයන්ගේ සිරුරරු කොටස් ගොඩගනී

මාවනැල්ල ප්‍රදේශයේ තරුණයින් දෙදෙනෙකු ඝාතනය කර රඹුක්කන හුරීමළුවේ නිවසක් පිටුපස වළ දමා ඇතැයි කියන සිද්ධියට අදාළව විමර්ශන සිදු කර සිරුරු කොටස් ගොඩ ගැනීම අද සිදු කෙරුණා.

ඒ කෑගල්ල මහේස්ත්‍රාත්වරියගේ අධීක්ෂණයෙන්.

මාවනැල්ල ප්‍රදේශයේ අවුරුදු 28 සහ 26 හැවිරිදි තරුණයින් දෙදෙනා පසුගිය වසරේ නොවැම්බර් 18 වන දින හා 25 දින සිට අතුරුදන්ව ඇති බව පවසමින් දෙමව්පියන් දෙසැම්බර් 7 මාවනැල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

එම පැමිණිල්ලේ ඔවුන් සඳහන් කර ඇත්තේ තම දරුවන් දෙදෙනා මත්ද්‍රව්‍ය අලෙවි කරන අතර රඹුක්කන හුරීමළුව ප්‍රදේශයේ පදිංචිව සිටින පුද්ගලයෙකුගෙන් මත්ද්‍රව්‍ය මිලට ගන්නා බව දැන සිටි බවයි.

මාවනැල්ල පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට ද දැනුම් දීමක් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙන අතර පසුගිය 8 වැනිදා ලද තොරතුරකට අනුව මූලික විමර්ශනයකින් අනතුරුවයි අදාළ නිවසට දැඩි ආරක්ෂාවක් සපයා කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ.

කෑගල්ල මහේස්ත්‍රාත්වරිය අද පෙරවරුවේ මළ සිරුරු වළ දමා ඇතැයි කියන නිවසට ගොස් මුලික විමර්ශන කටයුතු ආරම්භ කරනු ලැබුවා.

එහිදී නිවස වසා දමා ඇති අයුරු දක්නට තිබුණු අතර නිවස පිටුපස කුකුළන් ඇති කිරීමට බලාපොරොත්තුවෙන් සිට ඇතැයි කියන දැනට කුකුළන් නොමැති ලීවලින් තනන ලද කුකුළු කූඩුවක් ඉවත් කෙරුණා.

මළ සිරුරු වල දමා පස්වලින් වසා ඊට උඩින් අගඟල් තුනක පමණ කොන්ක්‍රීට් තට්ටුවක් දමා ඇති බවටයි එහිදී හෙළිවී ඇත්තේ.

පසුව කෑගල්ල විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ අධීක්ෂණය යටතේ කොන්ක්‍රීට් ඉවත් කර සිරුරු කොටස් ගොඩ ගනු ලැබුවා.

අඩි 4ක් පමණ පස් ඉවත් කරන අවස්ථාවේ දී ඉටි උරයකට බහා තිබුණු මළ සිරුරු කොටස් සොයා ගැනීමට හැකි වී තිබෙනවා.

පසුව ඒවා ගොඩට ගෙන කෑගල්ල මහ රෝහලට යැවීමටයි පියවර ගෙන ඇත්තේ.

වැඩිදුරටත් විමර්ශන කටයුතු තවදුරටත් හෙට (13) සිදු කිරීමට නියමිතව ඇති අතර මළ සිරුරුවල පශ්චාත් මරණ පරීක්ෂණ කෑගල්ල මහ රෝහලේ දී සිදු කිරීමට නියමිතයි.

මළ සිරුරු වල දමා තිබුණු නිවසේ හිමිකරු කාලයක සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන අයෙක් වන අතර ඝාතනයට ලක්ව ඇති තරුණයින් දෙදෙනා ඔහුගෙන් මත්ද්‍රව්‍ය ගෙන මුදල් ගෙවා නොමැති වීම හේතුවෙන් මෙලෙස ඝාතනය කර ඇති බවටයි කරුණු අනාවරණ වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?