ඝාතනය කර වළ දැමූ තරුණයන්ගේ සිරුරරු කොටස් ගොඩගනී

මාවනැල්ල ප්‍රදේශයේ තරුණයින් දෙදෙනෙකු ඝාතනය කර රඹුක්කන හුරීමළුවේ නිවසක් පිටුපස වළ දමා ඇතැයි කියන සිද්ධියට අදාළව විමර්ශන සිදු කර සිරුරු කොටස් ගොඩ ගැනීම අද සිදු කෙරුණා.

ඒ කෑගල්ල මහේස්ත්‍රාත්වරියගේ අධීක්ෂණයෙන්.

මාවනැල්ල ප්‍රදේශයේ අවුරුදු 28 සහ 26 හැවිරිදි තරුණයින් දෙදෙනා පසුගිය වසරේ නොවැම්බර් 18 වන දින හා 25 දින සිට අතුරුදන්ව ඇති බව පවසමින් දෙමව්පියන් දෙසැම්බර් 7 මාවනැල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

එම පැමිණිල්ලේ ඔවුන් සඳහන් කර ඇත්තේ තම දරුවන් දෙදෙනා මත්ද්‍රව්‍ය අලෙවි කරන අතර රඹුක්කන හුරීමළුව ප්‍රදේශයේ පදිංචිව සිටින පුද්ගලයෙකුගෙන් මත්ද්‍රව්‍ය මිලට ගන්නා බව දැන සිටි බවයි.

මාවනැල්ල පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට ද දැනුම් දීමක් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙන අතර පසුගිය 8 වැනිදා ලද තොරතුරකට අනුව මූලික විමර්ශනයකින් අනතුරුවයි අදාළ නිවසට දැඩි ආරක්ෂාවක් සපයා කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ.

කෑගල්ල මහේස්ත්‍රාත්වරිය අද පෙරවරුවේ මළ සිරුරු වළ දමා ඇතැයි කියන නිවසට ගොස් මුලික විමර්ශන කටයුතු ආරම්භ කරනු ලැබුවා.

එහිදී නිවස වසා දමා ඇති අයුරු දක්නට තිබුණු අතර නිවස පිටුපස කුකුළන් ඇති කිරීමට බලාපොරොත්තුවෙන් සිට ඇතැයි කියන දැනට කුකුළන් නොමැති ලීවලින් තනන ලද කුකුළු කූඩුවක් ඉවත් කෙරුණා.

මළ සිරුරු වල දමා පස්වලින් වසා ඊට උඩින් අගඟල් තුනක පමණ කොන්ක්‍රීට් තට්ටුවක් දමා ඇති බවටයි එහිදී හෙළිවී ඇත්තේ.

පසුව කෑගල්ල විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ අධීක්ෂණය යටතේ කොන්ක්‍රීට් ඉවත් කර සිරුරු කොටස් ගොඩ ගනු ලැබුවා.

අඩි 4ක් පමණ පස් ඉවත් කරන අවස්ථාවේ දී ඉටි උරයකට බහා තිබුණු මළ සිරුරු කොටස් සොයා ගැනීමට හැකි වී තිබෙනවා.

පසුව ඒවා ගොඩට ගෙන කෑගල්ල මහ රෝහලට යැවීමටයි පියවර ගෙන ඇත්තේ.

වැඩිදුරටත් විමර්ශන කටයුතු තවදුරටත් හෙට (13) සිදු කිරීමට නියමිතව ඇති අතර මළ සිරුරුවල පශ්චාත් මරණ පරීක්ෂණ කෑගල්ල මහ රෝහලේ දී සිදු කිරීමට නියමිතයි.

මළ සිරුරු වල දමා තිබුණු නිවසේ හිමිකරු කාලයක සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන අයෙක් වන අතර ඝාතනයට ලක්ව ඇති තරුණයින් දෙදෙනා ඔහුගෙන් මත්ද්‍රව්‍ය ගෙන මුදල් ගෙවා නොමැති වීම හේතුවෙන් මෙලෙස ඝාතනය කර ඇති බවටයි කරුණු අනාවරණ වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27