Empty Ad
AFC Banner
Empty Ad

ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරුට ඇප

ලංකා T10 තරගාවලියේ දී තරග පාවාදීමේ චෝදනාවට ලක් වී ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරු ඇප මත නිදහස් කිරීමට
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (20) නියෝග කළා.

ඒ, අනුව ඔහුව රුපියල් මිලියන පහේ ශරීර ඇප 02ක් සහ රුපියල් ලක්ෂ පහක මුදල් ඇප මත නිදහස් කිරීමටයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේ.

ඊට අමතරව සැකකරුට ඇප ලබාදීමට පෙර අධිකරණයට හමුවේ ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය භාරකරන ලෙසත් නියෝග කළා.

එමෙන්ම ඔහුට සෑම බදාදා දිනකම පෙරවරුවේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පිහිටි ක්‍රීඩා වැරදි වැළක්වීමේ විශේෂ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින ලෙස ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙහිදී ඇප කොන්දේසි පනවනු ලැබුවා.

මෙම නඩුව ලබන ජනවාරි 27 වනදා යළි කැඳවීමතයි මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවේ.

මීට අමතරව ඔහු ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ ඔහු රැඳී සිටින ස්ථානය පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් ද අධිකරණයට ලබාදෙන ලෙසයි දන්වා සිටියේ.

ලංකා T10 තරගාවලියේ දී සිය කණ්ඩායම නනියෝජනය කළ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙකු තරග පාවාදීමට පොළඹවා ගැනීමට කටයුතු කළ බවට වූ පැමිණිල්ලක් මත මෙම සැකකරුව පසුගිය දා 12 වැනිදා එම සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නොවටිනා සිතුවිලි වලට වටිනාකම් දෙන්න යන්න එපා - ජීවිතේ වරදිනවා
03:40
Video thumbnail
🔴BOPATHA | මහර බන්ධනාගාරයේ සිරකරුවන් වෙනුවෙන් සිදුකළ විශේෂ බෝපත වැඩසටහන - කාව්‍යමය ධර්ම දේශනය
50:06
Video thumbnail
සසර කියන්නේ මොකද්ද? කුසල් කළොත් - ඔබත් රැකෙයි
02:26
Video thumbnail
රිලව් අපේ ආණ්ඩුව හදපු උන් නෙවෙයි - රනිල්ගේ ආණ්ඩුව තමයි හැදුවේ - මහාචාර්ය මන්ත්‍රීගේ සුපිරි කතාව
11:11
Video thumbnail
පව් කළාම ඉපදෙන්නේ නිරයේ - කල්‍යාණ මිතුරු ඇසුරක් ලැබුණොත් අපි වාසනාවන්තයි
03:02
Video thumbnail
මෙදා පොටේ නාමල්ට වැඩේ සෙට් වගේ - නුවර එළියේ පොහොට්ටු පිපෙයි
03:47
Video thumbnail
පෝය දවසේ බස් එකේ ජරමරේ - කොහොමද වලිය - ඉවර වෙනකම් බලන්න
04:20
Video thumbnail
තන්හාවෙන් මේ හිත තෘප්තිමත් කරලා අවසන් කරන්න බෑ
09:43
Video thumbnail
කළුතර නොසැලුණු අලියා රනිල්ට නැතිවෙයි ?
07:30
Video thumbnail
කාගේ හරි කීමකට මිනිස් ජීවතයක් අහිමි කළත් - පවනම් පවමයි...
16:02

?