ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරුට ඇප

ලංකා T10 තරගාවලියේ දී තරග පාවාදීමේ චෝදනාවට ලක් වී ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරු ඇප මත නිදහස් කිරීමට
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (20) නියෝග කළා.

ඒ, අනුව ඔහුව රුපියල් මිලියන පහේ ශරීර ඇප 02ක් සහ රුපියල් ලක්ෂ පහක මුදල් ඇප මත නිදහස් කිරීමටයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේ.

ඊට අමතරව සැකකරුට ඇප ලබාදීමට පෙර අධිකරණයට හමුවේ ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය භාරකරන ලෙසත් නියෝග කළා.

එමෙන්ම ඔහුට සෑම බදාදා දිනකම පෙරවරුවේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පිහිටි ක්‍රීඩා වැරදි වැළක්වීමේ විශේෂ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින ලෙස ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙහිදී ඇප කොන්දේසි පනවනු ලැබුවා.

මෙම නඩුව ලබන ජනවාරි 27 වනදා යළි කැඳවීමතයි මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවේ.

මීට අමතරව ඔහු ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ ඔහු රැඳී සිටින ස්ථානය පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් ද අධිකරණයට ලබාදෙන ලෙසයි දන්වා සිටියේ.

ලංකා T10 තරගාවලියේ දී සිය කණ්ඩායම නනියෝජනය කළ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙකු තරග පාවාදීමට පොළඹවා ගැනීමට කටයුතු කළ බවට වූ පැමිණිල්ලක් මත මෙම සැකකරුව පසුගිය දා 12 වැනිදා එම සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුව තනිකරම L බෝඩ් පිනෝකියෝ ආණ්ඩුවක් වෙලා..
02:22
Video thumbnail
පෝළිම් එන්න එන්නම වැඩිවෙනවා..හොඳයිනේ වැඩේ..මෙහෙම ගියොත් හරි..ඉන්ධන ලබාගන්න පැමිණි අය කිව්ව දේ..
02:45
Video thumbnail
සජබ - එජාප එකතුවෙලා තමයි රටේ අනාගත ජනපති අගමැති හදන්නේ..රනිල් අපේ පියා - සජිත් අපේ ලොකු අයියා
01:30
Video thumbnail
නාමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ඩොලර් බිලියන 18 හදාගන්න වෙන්නේ නෑ ඊළඟ ආත්මෙවත්
02:48
Video thumbnail
කොලොන්නාව තෙල් පර්යන්තයෙන් තෙල් නිකුත් කිරීමේ අඩුවක්..තෙල් බවුසර් ටික පෝළිමට නවත්තලා
01:53
Video thumbnail
පොලිස්පති සංවේදී වී කියූ කතාව..වියෝව පවුලට විතරක් නෙවෙයි පොලිසීයටත් ලොකු පාඩුවක්
04:15
Video thumbnail
කොල්ලෝ දෙදෙනෙක් විදෙස් කතකට කරපු කැත වැඩේ..CCTV කැමරාවේ සටහන් වෙයි
03:52
Video thumbnail
ඉන්දියානු ජාතිකයින් දෙදෙනාගේ බෑගයට විද්ද සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:51
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස..කාන්තා සිරුරක් සහ කෙඳිරිගාමින් සිටි තවත් කතක් එකම ළිඳෙන්
01:45
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද QR ක්‍රමයට වැල්ලවායේ තෙල් බෙදන හැටි..
02:03