ගාලුමුවදොර පිටියේ පිහිටි අරගල භූමියට මේ වනවිට ආරක්ෂක අංශ විසින් අඛණ්ඩව කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් පවතින බව වාර්තා වනවා.
මේ අතර අරගලයට සහාය පල කිරීමට කොළඹට පැමිණි විරෝධතාකරුවන්ට කොළඹ කොටුව යෝර්ක් වීදිය ප්‍රදේශයේ දී මීට පෙර කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා.
මෙම විරෝධතාව අතර තුර තුවාල ලැබූවන හත්දෙනෙක් මේ වනවිට රෝහල් ගතකර ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.
ඒ අතර පොලිස් නිලධාරින් දෙදෙනෙකු ද සිටින බවයි වාර්තා වුණේ.
මේ වන විටත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් විරෝධතාකරුවන් කොළඹ නගරයට පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
4




