ගෝඨා ඕනේ කියූ කෙනා ගෝඨා එපා අයට වඩේ විකුණයි.

ගෝඨා ඕනේ කියා රැළියක් තැබූ පුද්ගලයා ගොඨා ගෝ ගමේ වඩේ විකුණමින් සිටිය දි විරෝධතාකරුවන් විසින් පොලිසියට බාර දී තිබෙනවා.

ගාලුමුව දොර පැවති We Want Gota උද්ඝෝෂණයේ ඉදිරියෙන් ම සිටි මේ පුද්ගලයා ගාලු මුවදොර විරෝධතාකරුවන්ට ආහාර සපයන බව කිහිප දෙනෙකු අනතුරු හඟවා තිබුණා. ඔහු පිළිබඳ අවදියෙන් සිටියේ මෙවැන්නන් හරහා විරෝධතාවට පැමිණෙන්නන්ට විෂ සහිත ආහාර සපයා මෙම ප්‍රයත්නය කඩාකප්පල් කිරීමේ අවදානමක් තිබුණු බැවිනි . තරුණ පිරිසක් අද ඔහු අල්ලාගෙන පොලීසියට බාර දී තිබුනා. පොලීසියේ මැදිහත්වීමෙන් ඒ පුද්ගලයා දැඩි අවවාද කිරීමකින් පසුව එම ස්ථානයෙන් ඉවත් කළ අතර ඔහු නැවත විරෝධතා භූමියේ පස් පාගන්නේ හෝ ආහාර සපයන්නේ නැති බවට එතැන සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට පොරොන්දු වුණා. ඔහුට කිසිවෙකුත් කිසිම හිරිහැරයක් හෝ ශාරීරික හානියක් සිදු කළේ නැහැ.

ඉන්පසු එතැනම සිටි තරුණ පිරිසක් ඔවුන් ගේ අතින් මුදල් දමා ඔහු සැපයූ සියලු ආහාර මිලට ගෙන ඒවා විනාශ කොට දැමුවා. ඔහු ආහාර සපයා තිබුණේ ජනාධිපති ලේකම් කාර්‍යාලය අසළ බාලදක්ෂ මාවත ආරම්භ වන ස්ථානයේ තිබෙන වඩේ කරත්තවලටයි.

එම සිදුවීමේ වීඩියෝ පහතින් නරඹන්න

https://youtu.be/kKa-M7UHShM

image 44


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29