AFC Banner
AFC Banner
Empty Ad

ගෝඨාභය සැඟවිලා නැහැ – කැබිනට් මාධ්‍ය ප්‍රකාශක

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සැඟවී සිටින බවට තමන් කිසිසේත් ම විශ්වාස නොකරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළා.

කැබිනට් තීරණය දැනුම්දීමේ අද (26) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂ නිල වශයෙන් වීසා බලපත්‍ර ලබාගෙන විදෙස් ගතව සිටින බවයි.

එමෙන්ම ඔහු යළි මෙරටට පැමිණෙන බවට තමන් දැනන් සිටි බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙහිදී සඳහන් කර සිටියා.

ප්‍රශ්නය – අපේ හිටපු ජනාධිපතිතුමා දැන් සිංගප්පූරුවට ගොස් එහි සැඟවී සිටිනවා. සිංගප්පුරුවේ නීතිපතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා ඔහු අත්අඩංගුවට ගන්න කියලා. යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් එම නිසා ඔහු නැවත වතාවක් අමෙරිකාවෙන් වීසා ඉල්ලලා තියෙනවා. ඒ වීසා ලබාදීම ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඒ අනුව ඔහු නැවත අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාවට එන්න බලාපොරොත්තු වෙනවා ද?

“මේ සම්බන්ධයෙන් කිසිඳු කරුණක් සම්බන්ධව කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා වුණේ නැහැ, මම දනුවතුත් නැහැ ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා හිටපු, සැඟවිලා ඉන්නවා කියන එක මම කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ, මොකද එතුමා නිල වශයෙන් අවශ්‍ය වීසා ලබාගෙන තමයි ඒ රටට ගිහිල්ලා තියෙන්නේ අනෙකුත් ඕනෑම කෙනෙක්ට තියන අයිතිය යටතේ, එතුමා ආපසු පැමිණෙන බව තමයි මම දැනන් හිටියේ. ඒ පිළිබඳව අදාල වෙනත් තත්ත්වයක් තියනවා නම් අදාල බලධාරීන් අපේ රටේ හිටපු ජනාධිපතිවරයට උපද්‍රවයක් එලෙසින් සිදු නොවෙන්න අවශ්‍ය කටයුතු යොදයි, එහෙම දෙයක් දේශපාලන වශයෙන් මිසක් අපි දැනුවත් වෙලා නැහැ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?