ගෝඨාභය සැඟවිලා නැහැ – කැබිනට් මාධ්‍ය ප්‍රකාශක

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සැඟවී සිටින බවට තමන් කිසිසේත් ම විශ්වාස නොකරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළා.

කැබිනට් තීරණය දැනුම්දීමේ අද (26) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂ නිල වශයෙන් වීසා බලපත්‍ර ලබාගෙන විදෙස් ගතව සිටින බවයි.

එමෙන්ම ඔහු යළි මෙරටට පැමිණෙන බවට තමන් දැනන් සිටි බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙහිදී සඳහන් කර සිටියා.

ප්‍රශ්නය – අපේ හිටපු ජනාධිපතිතුමා දැන් සිංගප්පූරුවට ගොස් එහි සැඟවී සිටිනවා. සිංගප්පුරුවේ නීතිපතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා ඔහු අත්අඩංගුවට ගන්න කියලා. යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් එම නිසා ඔහු නැවත වතාවක් අමෙරිකාවෙන් වීසා ඉල්ලලා තියෙනවා. ඒ වීසා ලබාදීම ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඒ අනුව ඔහු නැවත අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාවට එන්න බලාපොරොත්තු වෙනවා ද?

“මේ සම්බන්ධයෙන් කිසිඳු කරුණක් සම්බන්ධව කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා වුණේ නැහැ, මම දනුවතුත් නැහැ ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා හිටපු, සැඟවිලා ඉන්නවා කියන එක මම කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ, මොකද එතුමා නිල වශයෙන් අවශ්‍ය වීසා ලබාගෙන තමයි ඒ රටට ගිහිල්ලා තියෙන්නේ අනෙකුත් ඕනෑම කෙනෙක්ට තියන අයිතිය යටතේ, එතුමා ආපසු පැමිණෙන බව තමයි මම දැනන් හිටියේ. ඒ පිළිබඳව අදාල වෙනත් තත්ත්වයක් තියනවා නම් අදාල බලධාරීන් අපේ රටේ හිටපු ජනාධිපතිවරයට උපද්‍රවයක් එලෙසින් සිදු නොවෙන්න අවශ්‍ය කටයුතු යොදයි, එහෙම දෙයක් දේශපාලන වශයෙන් මිසක් අපි දැනුවත් වෙලා නැහැ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30