AFC Banner
AFC Banner
Empty Ad

ගෝඨාභයට යළි මෙරටට පැමිණීමට මෙය සුදුසු කාලය නෙවෙයි – ජනපති රනිල්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යළි දිවයිනට පැමිණීමට මෙය සුදුසු කාලය නොවන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

The Wall Street Journal පුවත් වෙබ් අඩවිය සමඟ ඊයේ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ යළි දිවයිනට පැමිණීමට මෙය සුදුසු කාලය නොවන බවත්, එය දේශපාලන ආතතීන් ඇවිලවිය හැකි බවයි එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

එමෙන්ම ඔහු ඉක්මනින් ආපසු එන බවට මට කිසිඳු හෝඩුවාවක් ලැබී නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවන් අගෝස්තු අග වන විට එළැඹෙනු ඇති බවට තමන් අපේක්ෂා කරන බවයි ඔහු එහිදී සඳහන් කර ඇත්තේ.

එමෙන්ම මෙරට පුද්ගලයින්ට ඔවුන්ගේ ආර්ථික තත්ත්වයන්හි කැපී පෙනෙන දියුණුවක් දැක ගැනීමට නම් තවත් මාස කිහිපයක් ගතවනු ඇතැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?