ගෝඨාභයගේ සල්ලි දෙන්න අධිකරණය බෑ කියයි

අරගලය පැවැති අවස්ථාවේදී විරෝධතාකරුවන් විසින් කොටුව ජනාධිපති මන්දිරයේ තිබී සොයා ගත් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලබාදෙන ලෙසට ඔහුගේ නිතීඥවරයා කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (08) ප්‍රතික්ෂේප කළා.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ප්‍රකාශ කර ඇත්තේ නියෝගයක් නිකුත් කිරීමට පෙර එම මුදල සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම අධිකරණයේ වගකීමක් බවයි.

මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත සහ අල්ලස් පනත යටතේ එම මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ද හැකියාව ඇති බැවින් එය නිදහස් කළ නොහැකි බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.

අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 431 වගන්ති ප්‍රකාරව මෙම මුදල් සදහා වෙනත් පාර්ශ්වයක් හිමිකම් නොකියන බැවින් එය තම සේවාදායකයා වෙත මුදා හරින ලෙසටයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥ හරිගුප්ත රෝහණධීර ඉල්ලීම් කළේ.

වෙනත් කිසිවකු අයිතියට හිමිකම් කියනු නොලැබුව ද එම මුදල් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බැවින් මුදා හැරිය නොහැකි බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කර තිබෙනවා.

2022 වසරේ ජුලි මාසයේ විරෝධතා අතර විරෝධතාකරුවන් කිහිප දෙනෙකු කොළඹ කොටුවේ ජනාධිපති නිල නිවසට කඩා වැදුණු අතර එහිදී රුපියල් මිලියන 17.5ක මුදලක් සොයා ගනු ලැබුවා.

අනතුරුව එම මුදල් ගණන් කර විරෝධතාකරුවන් විසින් කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත භාර දුන් අතර එම මුදල් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45


?