ගෝඨාභයගේ සල්ලි දෙන්න අධිකරණය බෑ කියයි

අරගලය පැවැති අවස්ථාවේදී විරෝධතාකරුවන් විසින් කොටුව ජනාධිපති මන්දිරයේ තිබී සොයා ගත් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලබාදෙන ලෙසට ඔහුගේ නිතීඥවරයා කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (08) ප්‍රතික්ෂේප කළා.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ප්‍රකාශ කර ඇත්තේ නියෝගයක් නිකුත් කිරීමට පෙර එම මුදල සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම අධිකරණයේ වගකීමක් බවයි.

මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත සහ අල්ලස් පනත යටතේ එම මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ද හැකියාව ඇති බැවින් එය නිදහස් කළ නොහැකි බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.

අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 431 වගන්ති ප්‍රකාරව මෙම මුදල් සදහා වෙනත් පාර්ශ්වයක් හිමිකම් නොකියන බැවින් එය තම සේවාදායකයා වෙත මුදා හරින ලෙසටයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥ හරිගුප්ත රෝහණධීර ඉල්ලීම් කළේ.

වෙනත් කිසිවකු අයිතියට හිමිකම් කියනු නොලැබුව ද එම මුදල් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බැවින් මුදා හැරිය නොහැකි බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කර තිබෙනවා.

2022 වසරේ ජුලි මාසයේ විරෝධතා අතර විරෝධතාකරුවන් කිහිප දෙනෙකු කොළඹ කොටුවේ ජනාධිපති නිල නිවසට කඩා වැදුණු අතර එහිදී රුපියල් මිලියන 17.5ක මුදලක් සොයා ගනු ලැබුවා.

අනතුරුව එම මුදල් ගණන් කර විරෝධතාකරුවන් විසින් කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත භාර දුන් අතර එම මුදල් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04