spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගෝඨාගෝ ගමට එල්ල කළ ප්‍රහාරය ගැන මහින්ද ඇතුළු පිරිසකට කරුණු කියන්න වෙයි

ගාලුමුවදොර ස්ථාපිත කර තිබූ ගෝඨාගෝ ගමට පසුගිය මැයි මස 09 වනදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසකට අද (09) නොතිසි නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව ලබන 22 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස නොතිසි නිකුත්කර ඇත්තේ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසකටයි.

ගෝඨාගෝ ගම අරගලයට සම්බන්ධ වූ පස්දෙනකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?