ගෝඨාභය රාජපක්ෂ කියන්නේ ජනතාව ගැන හිතන නායකයෙක් – සල්ගාදු පිටියට ජනතාව බලෙන් ආවේ.. අපි එන්න කිවුවෙ නෑ…- රාජිකා

සෞඛ්‍ය වර්ජකයන් වැඩ වර්ජනය කරමින් ජනතාව එක්රැස් කිරීම තුළ කොරෝනා වෛරසය වේගයෙන් පැතිරී යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජිකා වික්‍රමසිංහ මහත්මිය සඳහන් කරයි.

ඒ හේතුවෙන් උද්ඝෝෂණ වලට පාරට නොබසින ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඇය සඳහන් කළාය.

මාධ්‍ය හමුවක් අමතමින් ඇය මෙම අදහස් පළ කරද්දී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේ අනුරාධපුරයේ සල්ගාදු පිටියේ පැවති ජන රැලිය සඳහා පැමිණි ජනතාව අතර කොරෝනා ව්‍යාප්තියක් සිදු නොවන්නේද යන්නයි.

ඊට ප‍්‍රතිචාර ලෙස ඇය එහිදී කියා සිටියේ පක්ෂය විසින් ජනතාව සල්ගාදු පිටියද කැඳවූයේ නැති බවත් ජනාධිපතිට ඇති ආදරය නිසා ජනතාව පෙලගැසී මෙම රැස්වීම සඳහා පැමිණි බවත් ය.

https://youtu.be/CbyUBOkxJnE
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?