AFC Banner
AFC Banner
Empty Ad

ගොවීන්ට ඉන්ධන ලබා ගැනීමට අද සිට ටෝකන් පත්

චීන රජය පරිත්‍යාග කළ ඉන්ධන අද සිට ම ලබා ගත හැකි පරිදි ටෝකන් පත් ගොවීන්ට නිකුත් කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව අද දින සිට සියලුම ගොවීන්ට අදාළ ඉන්ධන, නම් කරන ලද පිරවුම්හල්වලින් ලබා ගැනීමට හැකි බවයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

චීන රජය විසින් මෙරට වී වගා කරන ගොවි ජනතාවට වගා කටයුතු සදහා භාවිතා කිරීමට නොමිලයේ ඩීසල් ලීටර් මිලියන 6.98ක් පරිත්‍යාග කරනු ලැබුවා.

ගැටලු කිහිපයක් නිසා එම ඉන්ධන ගොවීන්ට බෙදාහැරීම ප්‍රමාද වූ අතර වහාම එම ඉන්ධන ගොවීන් වෙත බෙදාහැරීමට පියවර ගන්නා ලෙසටයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරින්ට හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත්තේ.

මෙම ඉන්ධන බෙදාහැරීම සම්බන්ධව ඊයේ (01) පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත් වුණා.

වහාම මෙම ඉන්ධන තොගය ගොවීන් වෙත නොමිලයේ බෙදා හැරීම සඳහා කටයුතු කරන ලෙසට අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට එහිදී උපදෙස් දෙනු ලැබුවා.

ඒ අනුව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ඊයේ රාත්‍රිය තුළ දිවයිනේ දිස්ත්‍රික්ක 05ක් හැර අනෙකුත් සියලුම දිස්ත්‍රික්කවල ගොවීන්ට ඉන්ධන ලබා ගැනීම පහසු කරවීම සඳහා අදාළ ටෝකන් පත් නිකුත් කර අවසන් කරනු ලැබුවා.

ටෝකන් පත් යැවීමට නොහැකි වු කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 5ට අද දිනය තුළ ඉන්ධන ටෝකන් පත් යැවීමට පියවර ගන්නා බවයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එච්. එම්. ඒ. එල්. අබේරත්න මහතා සඳහන් කළේ.

මේ අනුව අක්කර භාගයේ සිට අක්කර දෙකහමාර දක්වා වී වගා කළ ගොවීන්ට මෙම ඉන්ධන සහනය හිමිවන අතර හෙක්ටෙයාර් එකක් සඳහා ඩීසල් ලීටර් 15ක් හිමි වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?