ගොවීන්ට ඉන්ධන ලබා ගැනීමට අද සිට ටෝකන් පත්

චීන රජය පරිත්‍යාග කළ ඉන්ධන අද සිට ම ලබා ගත හැකි පරිදි ටෝකන් පත් ගොවීන්ට නිකුත් කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව අද දින සිට සියලුම ගොවීන්ට අදාළ ඉන්ධන, නම් කරන ලද පිරවුම්හල්වලින් ලබා ගැනීමට හැකි බවයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

චීන රජය විසින් මෙරට වී වගා කරන ගොවි ජනතාවට වගා කටයුතු සදහා භාවිතා කිරීමට නොමිලයේ ඩීසල් ලීටර් මිලියන 6.98ක් පරිත්‍යාග කරනු ලැබුවා.

ගැටලු කිහිපයක් නිසා එම ඉන්ධන ගොවීන්ට බෙදාහැරීම ප්‍රමාද වූ අතර වහාම එම ඉන්ධන ගොවීන් වෙත බෙදාහැරීමට පියවර ගන්නා ලෙසටයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරින්ට හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත්තේ.

මෙම ඉන්ධන බෙදාහැරීම සම්බන්ධව ඊයේ (01) පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත් වුණා.

වහාම මෙම ඉන්ධන තොගය ගොවීන් වෙත නොමිලයේ බෙදා හැරීම සඳහා කටයුතු කරන ලෙසට අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට එහිදී උපදෙස් දෙනු ලැබුවා.

ඒ අනුව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ඊයේ රාත්‍රිය තුළ දිවයිනේ දිස්ත්‍රික්ක 05ක් හැර අනෙකුත් සියලුම දිස්ත්‍රික්කවල ගොවීන්ට ඉන්ධන ලබා ගැනීම පහසු කරවීම සඳහා අදාළ ටෝකන් පත් නිකුත් කර අවසන් කරනු ලැබුවා.

ටෝකන් පත් යැවීමට නොහැකි වු කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 5ට අද දිනය තුළ ඉන්ධන ටෝකන් පත් යැවීමට පියවර ගන්නා බවයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එච්. එම්. ඒ. එල්. අබේරත්න මහතා සඳහන් කළේ.

මේ අනුව අක්කර භාගයේ සිට අක්කර දෙකහමාර දක්වා වී වගා කළ ගොවීන්ට මෙම ඉන්ධන සහනය හිමිවන අතර හෙක්ටෙයාර් එකක් සඳහා ඩීසල් ලීටර් 15ක් හිමි වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25