ගොවි ජනතාවට සුබදායක ආරංචියක්

2022 යල කන්නය සඳහා පරිසර හිතකාමී දේශීය පොහොර මිල දී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් රජයේ පොහොර සමාගම් දෙක මඟින් එම මිල දී ගැනීම සිදුකිරීමට කළ යෝජනාව ට එලෙස අනුමැතිය හිමිව ඇත.

එමෙන්ම යල කන්නය සඳහා ගොවීන් වෙත දේශීය කාබනික පොහොර සැපයීම සඳහා පොහොර ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇරඹීමටත් අනුමැතිය හිමිව ඇත.

පොහොර සහනාධාර වැඩසටහන යටතේ වෙන් කර ඇති ප්‍රතිපාදන භාවිත කර එම මිල දී ගැනීම සිදුකිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?