“ගොඩයමු” තේමා ගීතය සහ ජාතික පණිවුඩය එළිදක්වයි

රටේ සිදුවිය යුතු අත්‍යාවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනතාව දැනුවත් කරන මෙන්ම ඒවා සිදුකිරීමට රජයට බලකරන “ගොඩයමු” සාමූහිකයේ තේමා ගීතය සහ ජාතික පණිවුඩය ඊයේ (23) මරදාන ට්‍රේස් සිටි ශ්‍රවණාගාරයේදී එළිදක්වනු ලැබුවා.

මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් නොමිලේම තම දායකත්වය ලබාදුන් ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස් මෙහි ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වුණා.

ගොඩයමු සාමූහිකය පෙනී සිටින මූලික අවම ආර්ථික ප්‍රතිසංස්කරණයන් පහත දැක්වෙනවා.

සියල්ල රජයෙන් ලබා දිය යුතු යැයි සිතන සුබසාධනවාදී ජාතික මානසිකත්වයෙන් ගැලවීම.
රාජ්‍ය සේවයේ බඳවාගැනීම් වහා නතර කිරීම සහ රාජ්‍ය අංශය කාර්යක්ෂම කිරීම.
පාඩු ලබන රාජ්‍ය ආයතන ජනතාකරණය කිරීම.
ආයෝජනවලට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම සහ බාධාකාරී නීතිරීති ප්‍රතිසංස්කරණය.
ඵලදායී, කාර්යක්ෂම සමාජ ආරක්ෂණ ජාලයක් ඇති කිරීම.

ගොඩයමු සාමූහිකයේ ආර්ථික ප්‍රතිසංස්කරණ පාදක වී ඇත්තේ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය විසින් යෝජනා කරන ලද පාර්ලිමේන්තුවේ බොහෝ පක්ෂවල නියෝජිතයන් විසින් පිළිගත් අවම ආර්ථික වැඩපිළිවෙල මතයි.

මෙය කිසිඳු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවූ පුරවැසි ක්‍රියාකාරීත්වයක් බව ගොඩයමු සාමූහිකය පවසනවා.

මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් හැකි උපරිම සහයෝගය ලබා දෙමින් තමන් සමඟ අත්වැල් බැඳගන්නා මෙන් ගොඩයමු සාමූහිකය මෙහිදී සියලු මාධ්‍යවලින් ඉල්ලීමක් ද කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42
Video thumbnail
ඔයාගේ ගායනයට තහංචි දාන්න බෑ - මල්ලි ඔයත් එන්තර වාසියක් යවන්න..ගායනයට තහංචි දාන්න බෑ
06:06
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44