ගේට්ටුවත් කඩාගෙන ඇවිත් සාදය හමාර කළ කැබ් රථ රියදුරා – දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළයි (වීඩියෝ)

තණමල්විල, කුමාරගම ප්‍රදේශයේ නිවසක පැවති උපන් දින සාදයක් අතර තුර සිදුකළ අනතුරකින් සහ ගැටුමකින් පුද්ගලයන් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

ඊයේ රාත්‍රියේ සාදය පැවැත්වෙමින් තිබෙන අතර තුර පුද්ගලයෙක් එම නිවසේ ගේට්ටුව ද කඩාගෙන කැබ් රථයක් ධාවනය කර ඇති බවයි වාර්තා වුණේ.

එම අවස්ථාවේ දී සාදයට සහභාගී වී සිටි පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

පසුව කැබ් රථය ධාවනය කළ පුද්ගලයාට පිරිසක් විසින් පහර දී තිබෙනවා.

මෙහිදී තුවාල ලැබූ පුද්ගලයින් සිව්දෙනෙකු හම්බන්තොට සහ ඇඹිලිපිටිය යන රෝහල්වලට ඇතුළත් කර ඇති අතර, ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

සාදය පැවති නිවසේ හිමියන් සමඟ ඇති පුද්ගලික ආරවුලක් හේතුවෙන් මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ අරමුණින් කැබ් රථයේ රියදුරු මෙම අනතුර සිදුකර ඇති බවට පසුව අනාවරණය වී තිබෙනවා.

අදාළ පුද්ගලයාට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවරම් කිරීම ඇතුළු අපරාධ රැසකට එරෙහිව අධිකරණයේ නඩු විභාග වෙමින් පවතින බවට වාර්තා වනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
2
+1
0
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?