ගෙවුණු මාස 06ට වෙඩි තැබීම් 62ක් – මරණ 34ක්

ගෙවුණු මාස 06ට රට තුළ වෙඩි තැබීමේ සිදුවීම් 62ක් වාර්තා වී තිබෙනවා.

එම වෙඩි ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් ගණන 34ක්.

එම වෙඩි තැබීම් අතර සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් කළ වෙඩි තැබීම් 44ක් වාර්තා වන බවත් පොලිස් කොට්ඨාස කාර්‍යාලය නිවේදනය කරනවා.

පාතාල කල්ලි සාමාජිකයින් තැබූ එම වෙඩි තැබීම් 44න් පුද්ගලයින් 32 දෙදෙනකු මියගොස් තිබෙනවා.

මේ අතර ඊයේ (03) දිනය අවසන් වන විට දිවයින පුරා වෙඩි තැබීම් තුනක් සිදු වුණා.

ඉන් පළමු වැන්න කඳාන පොලිසිය ඉදිරිපිට දී සිදු වූ අතර එහිදී මෝටර් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනකුට එම වෙඩි ප්‍රහාරය එල්ල වුණා.

එහිදී ඉලක්කය වී තිබුණේ කලක් හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම් යැයි සැලකෙන සමීර මනෝහර නැතහොත් වැලි සමීර නමැත්තායි.

නමුත් වෙඩි ප්‍රහාරයෙන් සමීර නමැත්තා බරපතළ තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කෙරුණ ද, ඔහුගේ මස්සිනා නමැත්තා ජීවිතක්ෂයට පත් වුණා.

ඉන් පසුව දෙවැනි වෙඩි ප්‍රහාරය වාර්තා වූයේ මීගමුව – දුන්ගල්පිටිය පොලිස් වසමෙන්.

ලෙල්ලම පොලිස් මාර්ග බාධකය අසල දී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සිදු කරන බවට ලද ඔත්තුවක් මත පොලිසිය විසින් යතුරුපැදියක් නවත්වන ලෙසට අණ කර තිබෙනවා.

නමුත් පොලිස් අණ නොතකා ඔවුන් ඉදිරියට ධාවනය කරන අතර පොලිසිය විසින් දණහිසෙන් පහළට වෙඩි තැබීමක් සිදු කර ඇති බවත්, යතුරුපැදිය ඉදිරියෙන් ආ ලොරි රථයක ද ගැටී නතර වී තිබෙනවා.

තුවාල ලැබූ එක් අයෙක් මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර අනෙක් තැනැත්තා පොලිස් අත් අඩංගුවට ගැනුණා.

තත්ත්වය එසේ පවතිද්දී ඊයේ රාත්‍රියේ දී රාගම බටුවත්ත ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදු වූ අතර ගනේමුල්ල සංජීවගේ හිතවතෙකු ලෙස සැලකෙන ආමි උපුල් නමැත්තා ජීවිතක්ෂයට පත්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45


?