ගෙවුණු මාස 06ට වෙඩි තැබීම් 62ක් – මරණ 34ක්

ගෙවුණු මාස 06ට රට තුළ වෙඩි තැබීමේ සිදුවීම් 62ක් වාර්තා වී තිබෙනවා.

එම වෙඩි ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් ගණන 34ක්.

එම වෙඩි තැබීම් අතර සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් කළ වෙඩි තැබීම් 44ක් වාර්තා වන බවත් පොලිස් කොට්ඨාස කාර්‍යාලය නිවේදනය කරනවා.

පාතාල කල්ලි සාමාජිකයින් තැබූ එම වෙඩි තැබීම් 44න් පුද්ගලයින් 32 දෙදෙනකු මියගොස් තිබෙනවා.

මේ අතර ඊයේ (03) දිනය අවසන් වන විට දිවයින පුරා වෙඩි තැබීම් තුනක් සිදු වුණා.

ඉන් පළමු වැන්න කඳාන පොලිසිය ඉදිරිපිට දී සිදු වූ අතර එහිදී මෝටර් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනකුට එම වෙඩි ප්‍රහාරය එල්ල වුණා.

එහිදී ඉලක්කය වී තිබුණේ කලක් හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම් යැයි සැලකෙන සමීර මනෝහර නැතහොත් වැලි සමීර නමැත්තායි.

නමුත් වෙඩි ප්‍රහාරයෙන් සමීර නමැත්තා බරපතළ තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කෙරුණ ද, ඔහුගේ මස්සිනා නමැත්තා ජීවිතක්ෂයට පත් වුණා.

ඉන් පසුව දෙවැනි වෙඩි ප්‍රහාරය වාර්තා වූයේ මීගමුව – දුන්ගල්පිටිය පොලිස් වසමෙන්.

ලෙල්ලම පොලිස් මාර්ග බාධකය අසල දී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සිදු කරන බවට ලද ඔත්තුවක් මත පොලිසිය විසින් යතුරුපැදියක් නවත්වන ලෙසට අණ කර තිබෙනවා.

නමුත් පොලිස් අණ නොතකා ඔවුන් ඉදිරියට ධාවනය කරන අතර පොලිසිය විසින් දණහිසෙන් පහළට වෙඩි තැබීමක් සිදු කර ඇති බවත්, යතුරුපැදිය ඉදිරියෙන් ආ ලොරි රථයක ද ගැටී නතර වී තිබෙනවා.

තුවාල ලැබූ එක් අයෙක් මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර අනෙක් තැනැත්තා පොලිස් අත් අඩංගුවට ගැනුණා.

තත්ත්වය එසේ පවතිද්දී ඊයේ රාත්‍රියේ දී රාගම බටුවත්ත ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදු වූ අතර ගනේමුල්ල සංජීවගේ හිතවතෙකු ලෙස සැලකෙන ආමි උපුල් නමැත්තා ජීවිතක්ෂයට පත්වුණා.

  1. Another CHICAGO

    Well done Guys….

    Never heard of such a country like this before …

    ONE AND ONLY NATION in the GLOBE ….

    65,000 SKM

    22 Million people

    225 donkeys..

    Too many officers…

    UNTILL now these NATION to be developed…!!!!

    WTF….. ???????