ගෙවුණු පැය 24 දි රථ වාහන වැරදිවලට රියදුරන් 8937ක් අත්අඩංගුවට

උත්සව සමයේ රථවාහන අනතුරු අවම කරගැනීමේ අරමුණින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ දෙසැම්බර් මස 20 වැනි දින සිට මුළු දිවයිනම ආවරණය වන පරිදියි.

ඒ අනුව ඊයේ (26) දින උදෑසන 06 සිට අද උදෑසන 06 තෙක් ගෙවුණු පැය 24 ක කාලය තුළ බීමත් ව රිය පැදවූ රියදුරන් 417 දෙනෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

එමෙන්ම තවත් රියදුරන් 53 දෙනෙකු අපරික්ෂාකාරී හා අන්තරාදායක ලෙස රිය පැදවීමේ චෝදනා මත අත් අඩංගුවට ගැනුණා.

අධික වේගයෙන් රිය පැදවීම සම්බන්ධව රියදුරන් 123 දෙනෙකු, මාර්ග නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් රියදුරන් 1375 දෙනෙකු, බලපත්‍ර වැරදි සම්බන්ධයෙන් රියදුරන් 690 දෙනෙකු සහ වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන් 6279 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

ඒ අනුව ගෙවුණු පැය 24ක කාලය තුළ රථවාහන වැරදි සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇති මුළු සැකකරුවන් ප්‍රමාණය 8937ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?