ගෙවුණු පැය 24 දි රථ වාහන වැරදිවලට රියදුරන් 8937ක් අත්අඩංගුවට

උත්සව සමයේ රථවාහන අනතුරු අවම කරගැනීමේ අරමුණින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ දෙසැම්බර් මස 20 වැනි දින සිට මුළු දිවයිනම ආවරණය වන පරිදියි.

ඒ අනුව ඊයේ (26) දින උදෑසන 06 සිට අද උදෑසන 06 තෙක් ගෙවුණු පැය 24 ක කාලය තුළ බීමත් ව රිය පැදවූ රියදුරන් 417 දෙනෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

එමෙන්ම තවත් රියදුරන් 53 දෙනෙකු අපරික්ෂාකාරී හා අන්තරාදායක ලෙස රිය පැදවීමේ චෝදනා මත අත් අඩංගුවට ගැනුණා.

අධික වේගයෙන් රිය පැදවීම සම්බන්ධව රියදුරන් 123 දෙනෙකු, මාර්ග නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් රියදුරන් 1375 දෙනෙකු, බලපත්‍ර වැරදි සම්බන්ධයෙන් රියදුරන් 690 දෙනෙකු සහ වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන් 6279 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

ඒ අනුව ගෙවුණු පැය 24ක කාලය තුළ රථවාහන වැරදි සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇති මුළු සැකකරුවන් ප්‍රමාණය 8937ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56