1972 අංක 7 දරණ ගෙවල් කුලී පනත අවලංගු කිරීම සහ පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත හඳුන්වා දීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඉඩම් හිමියන්ගේ හා කුලී නිවැසියන්ගේ අයිතිවාසිකම් සහ යුතුකම් නිශ්චය කිරීමේ අරමුණින් හඳුන්වා දෙනු ලැබ ඇති 1972 අංක 7 දරණ ගෙවල් කුලී පනත සඳහා අවස්ථා කීපයක දී සංශෝධන සිදුකරනු ලැබුවා.
කෙසේ වෙතත් එම පනතින් අපේක්ෂිත අරමුණු ඉටු නොවන බව පෙනී ගොස් ඇති බවයි රජය පවසන්නේ.
අධිකරණ බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය යටතේ ස්ථාපිත කරනු ලැබ ඇති ගෙවල් කුලී නීතිය පිළිබඳ උපදේශක කමිටුව විසින් මේ පිළිබඳව කරුණු අධ්‍යයනය කර ඇති අතර, ඒ අනුව කුලී නිවැසියාගේ සහ ඉඩම් හිමියාගේ අයිතිවාසිකම් සමානව ආරක්ෂා කිරීම අරමුණු කරගත් නව නීතියක් හඳුන්වාදීම සුදුසු බවට යෝජනා කර තිබෙනවා.















Rent has to be the market value. Not protected rent of 1955. People rent the space belong to another person. Pay a value to utilize this space.