ගුවන සරසන්න සිහින දකින අචිනි

නවක නිරූපණ ශිල්පිනියක් වන අචිනි තවමත් නිරූපණය හදාරමින් සිටිනවා. නිරූපණයට වගේම රංගනයටත් ඇළුම් කරන ඇය වෘත්තීයෙන් ගුවන් සේවිකාවක් වීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඇය නිරූපණය තුළිනුත් දිගු ගමනක් යෑමට සූදානම් වෙනවා.

ඔබ ගැන හඳුන්වා දුන්නොත්?
මගේ නම අචිනි හංසමාලි. මගේ පදිංචිය අතුරුගිරියේ. මම නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා තවම පොඩි කාලයයි. දැනට මම රෑම්ප් මොඩ්ලින් ගැන ඉගෙන ගන්නවා.

නිරූපණයට එන්නේ කොහොමද?
මම මොඩ්ලින් ඉගෙනගෙන වැඩ කරන්න පටන් අරන් දැන් මාස හයක් විතර ඇති. කලින් මම ෆොටෝෂූට් කරලා තියෙනවා.මගේ හීනයක් තිබුණා නිරූපණයට එන්න. මම දන්න කාලේ ඉඳලා ෆැෂන් ෂෝස් බලනවා. මොඩ්ල්ස්ලාගේ ෆොටෝෂූට් බලනවා. ඒ දේවල් එක්ක මට කැමැත්තක් ඇතිවෙනවා නිරූපණය ගැන. මගේ උසත් එක්ක ගොඩක් අය කියනවා මම නිරූපණයට හොඳයි කියලත්.

මේ වෙද්දි දායක වුණු නිර්මාණ මොනවාද?
දැනට මම කරලා තියෙන්නේ ෆොටෝෂූට් විතරයි. මියුසික් වීඩියෝ එකකට ආරාධනා ලැබුණා. වෙළඳ දැන්වීම්වලටත් ඉදිරියේදී සම්බන්ධ වෙන්න බලපොරොත්තු වෙනවා.

නිරූපණ ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?
මම පොඩි කාලයක් තුළ ගොඩක් දේවල් ඉගෙනගත්තා. ගොඩක් අය හිතන්නේ මොඩ්ල් කෙනෙක් වෙන එක හරි ලේසියි කියලා. ඇත්තටම එහෙම නැහැ. ගොඩක් දේවල් තියෙනවා මේ ක්ෂේත්‍රයේ ඉගෙනගන්න. ඒ වගේම ජීවිතයටත් ගොඩක් දේවල් ගන්න තියෙනවා. වෙලාවට වැඩ කරන හැටි, ටීම් එකක් එක්ක වැඩ කරන්නේ කොහොමද වගේ දේවල් මම මේ කාලේදි ඉගෙනගත්තා.

රංගනයට එකතු වෙන්න අදහසක් නැද්ද?
රඟපාන්න මගේ කැමැත්තක් තිබෙනවා. මම රංගනය ගැන කිසි දෙයක් දන්නේ නැහැ. රංගනයටත් ආරාධනා ලැබිලා තිබෙනවා.

කවදාහරි පැජන්ට් එකකට සහභාගී වෙන්න බලාපොරොත්තුවක් තිබෙනවාද?
පැජන්ට් එකකට සහභාගී වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. හැබැයි දැන්ම නෙවෙයි. හොඳට ඉගෙනගෙන තමයි එතැනට එන්නේ. දැන් ලංකාවේ පැජන්ට් ගොඩක් තියෙනවා. ඒකෙන් හරිම එක තෝරාගෙන තමයි සම්බන්ධ වෙන්න ඕනේ.

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
මෙහෙමයි. මුලින් මුලින් ලොකු කැමැත්තක් තිබ්බේ නැහැ. පලවෙනි ෆොටෝෂූට් එක කරනකොට ගෙදරින් පොඩ්ඩක්වත් කැමැත්තක් තිබුණේ නැහැ. ඊටපස්සේ ගෙදර අයත් එක්ක කතා කරලා මගේ ෆොටෝෂූට් පෙන්නලා, මම වැඩ කරන විදිහ කිව්වාට පස්සේ එයාලා කැමති වුණා. දැන් නම් ලොකු සහයෝගයක් ලබාදෙනවා.

අනාගතයේදී නිරූපණයෙන්ම ඉදිරියට යනවාද?
වෘත්තීයක් විදිහට නිරූපණය කරන්න මගේ අදහසක් නැහැ. මගේ අරමුණ වෘත්තීමය ගුවන් සේවිකාවක් වෙන එක. ඒකත් හදාරන්න ඕනේ.

උදව් කළ අය ගැන කිව්වොත්?
මුලින්ම මතක් කරන්න ඕනේ මගේ අම්මා, තාත්තා. මොකද ඒගොල්ලො දැන් මට දෙන සහයෝගය ලොකු හයියක්. ඒ වගේම මගේ මාමාව මතක් කරනවා. මගේ යාළුවෝ, මට වචනයකින් හරි උදව් කරන සියළු දෙනාවත් ආදරයෙන් මතක් කරනවා.

කැළුම් දේවින්ද – සාරවිට

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15