ගුවන් හමුදාවට අයත් යානයක් ත්‍රිකුණාමලයේ දී අනතුරකට ලක්වේ (ඡායාරූප)

ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් ත්‍රිකුණාමලය චීන වරායේ දී අනතුරකට ලක්ව ඇති බව වාර්තා වනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ගුවන් හමුදාවට අයත් PT – 06 වර්ගයේ පුහුණු ගුවන් යානයක්.

අද (07) පෙරවරු 11.30ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, පුහුණු අභ්‍යාසයක් අතර තුර, යානය ගුවන් ගත වී ගුවන් හමුදා චීන වරාය කඳවුරු ප්‍රදේශයට කඩා වැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ දී යානයේ දෙදෙනෙක් ගමන් කර ඇති බවට තොරතරු වාර්තා වනවා.

ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එහි ගුවන් නියමුවා සහ ගුවන් පරීක්ෂණ රාජකාරි සදහා එහි ගමන් කළ ඉංජිනේරු නිළධාරියා බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
8
+1
3
+1
1
+1
113
+1
17
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?