AFC Banner
Empty Ad
Empty Ad

ගුවන් යානයක භාණ්ඩ ඇසුරුම් කුටියකින් මළ සිරුරු දෙකක් හමුවෙයි

කොලොම්බියාවේ බොගෝටා හි තිබූ ගුවන් යානයක භාණ්ඩ ඇසුරුම් කුටියක තිබී මළ සිරුරු දෙකක් සොයා ගෙන තිබෙනවා.

කොලොම්බියාවේ අගනුවර වන බොගෝටා හි ගුවන්යානා නඩත්තු කටයුත්තක් අතරතුරදී යි යානයක පහත මැදිරියක තිබී ඩොමිනිකන් ජනරජයේ සිට පැමිණි බවට සැක කෙරෙන තරුණයන් දෙදෙනෙකුගේ සිරුරු හමුවී ඇත්තේ.

මෙම පුද්ගලයින් දෙදෙනා නීති විරෝධීව සංක්‍රමණය වීමට උත්සාහ කළ දෙදෙනෙකු ලෙසට සැලකෙනවා.

ඔවුන් දෙදෙනාගේ පවුල්වලට ශෝකය පළ කරන ගුවන් සමාගම, සෑම ගුවන් ගමනකටම පෙර ගුවන් යානා පරීක්ෂා කළද, ගුවන් තොටුපලවල සහ ඒවායේ අවට ප්‍රදේශවල ආරක්ෂාව බලධාරීන්ගේ වගකීමක් බවටයි සඳහන් කර ඇත්තේ.

ගුවන් යානය තුළ තිබී සොයාගත් වයස අවුරුදු 15 ත් 20 ත් අතර ඇෆ්‍රෝ සම්භවයක් ඇති මළ සිරුරුවල අනන්‍යතාව හඳුනා ගැනීමට තාක්ෂණික විමර්ශන ආයතනය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව නීතිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.

මළ සිරුරු සමඟ හඳුනාගැනීමේ ලියකියවිලි කිසිවක් හමු නොවූවත්, එක් අයෙකු ඩොමිනිකන් ජනරජයේ මුදල් හමුවී ඇති අතර, සොයාගත් ගමන් මල්ලක එම රටෙහි ලියකියවිලි ද තිබූ බව සඳහන්.

මෙම යානය අවසන් වරට නඩත්තු කිරීම දෙසැම්බර් 27 වන දින සිදු කර ඇති අතර, එතැන් සිට Bogota, Guarulhos, Sao Paulo, Brazil සහ Santiago වෙත ගමන් කර තිබෙනවා.

මෙම මළ අර්ධ වශයෙන් දියවී ගොස් තිබූ අතර එක් අයෙකු පිළිස්සුම් තුවාල ලබා ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?