ගුවන් යානයක භාණ්ඩ ඇසුරුම් කුටියකින් මළ සිරුරු දෙකක් හමුවෙයි

කොලොම්බියාවේ බොගෝටා හි තිබූ ගුවන් යානයක භාණ්ඩ ඇසුරුම් කුටියක තිබී මළ සිරුරු දෙකක් සොයා ගෙන තිබෙනවා.

කොලොම්බියාවේ අගනුවර වන බොගෝටා හි ගුවන්යානා නඩත්තු කටයුත්තක් අතරතුරදී යි යානයක පහත මැදිරියක තිබී ඩොමිනිකන් ජනරජයේ සිට පැමිණි බවට සැක කෙරෙන තරුණයන් දෙදෙනෙකුගේ සිරුරු හමුවී ඇත්තේ.

මෙම පුද්ගලයින් දෙදෙනා නීති විරෝධීව සංක්‍රමණය වීමට උත්සාහ කළ දෙදෙනෙකු ලෙසට සැලකෙනවා.

ඔවුන් දෙදෙනාගේ පවුල්වලට ශෝකය පළ කරන ගුවන් සමාගම, සෑම ගුවන් ගමනකටම පෙර ගුවන් යානා පරීක්ෂා කළද, ගුවන් තොටුපලවල සහ ඒවායේ අවට ප්‍රදේශවල ආරක්ෂාව බලධාරීන්ගේ වගකීමක් බවටයි සඳහන් කර ඇත්තේ.

ගුවන් යානය තුළ තිබී සොයාගත් වයස අවුරුදු 15 ත් 20 ත් අතර ඇෆ්‍රෝ සම්භවයක් ඇති මළ සිරුරුවල අනන්‍යතාව හඳුනා ගැනීමට තාක්ෂණික විමර්ශන ආයතනය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව නීතිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.

මළ සිරුරු සමඟ හඳුනාගැනීමේ ලියකියවිලි කිසිවක් හමු නොවූවත්, එක් අයෙකු ඩොමිනිකන් ජනරජයේ මුදල් හමුවී ඇති අතර, සොයාගත් ගමන් මල්ලක එම රටෙහි ලියකියවිලි ද තිබූ බව සඳහන්.

මෙම යානය අවසන් වරට නඩත්තු කිරීම දෙසැම්බර් 27 වන දින සිදු කර ඇති අතර, එතැන් සිට Bogota, Guarulhos, Sao Paulo, Brazil සහ Santiago වෙත ගමන් කර තිබෙනවා.

මෙම මළ අර්ධ වශයෙන් දියවී ගොස් තිබූ අතර එක් අයෙකු පිළිස්සුම් තුවාල ලබා ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09