ගුවන් පාලමක් මතින් පෙරළුනු තෙල් බවුසරය

කැළණිය – ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගුවන් පාලම මතින් ගමන්කරමින් තිබූ ඉන්ධන බවුසර් රථයක රියදුරුට නින්ද යාම හේතුවෙන් පහළ මාර්ගයට පෙරළී අනතුරක් සිදුව තිබෙනවා.

අද (13) අලුයම 2.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

රථය අනතුරට ලක්වන අවස්ථාවේ රියදුරු පමණක් එහි සිට ඇති අතර තුවාල ලැබූ ඔහු රෝහල්ගත කර ඇති බවයි වාර්තා වුණේ.

අනතුරට ලක්වූ බවුසර් රථයේ ගබඩාකර තිබූ ඉන්ධන වෙනත් බවුසර් රථයකට මාරු කිරීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?