ගුවන් තොටුපල මෙහෙයුම් ගැන නව තීරණයක්

ශ්‍රී ලංකාව ගුවන් තොටුපලවල ගොඩබිම් හැසිරවීම, ආහාර සැපයීම සහ ජෙට් ඉන්ධන සැපයීමේ මෙහෙයුම් සඳහා පුද්ගලික අංශයට ද ඉඩ ලබා දෙන බවට තොරතුරු වාර්තා වනවා.

ගුවන් තොටුපලවල ගොඩබිම් හැසිරවීම, ආහාර සැපයීම සහ ජෙට් ඉන්ධන සැපයීමේ මෙහෙයුම් සඳහා පුද්ගලික අංශයට ඇතුළු වීමට ඉඩ ලබා දීමට තීරණය කර ඇති බවට ෂින්හුවා පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

මෙම සේවාවන් දැනට රාජ්‍ය ඒකාධිකාරයක් බවට පත්ව ඇති බවට සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ ජයකාන්ත මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළ බවයි ෂින්හුවා පුවත් සේවය පෙන්වා දී ඇත්තේ.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපළවල ඉහත සඳහන් සේවා සැපයීම සඳහා පෞද්ගලික අංශයට ආරාධනා කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ඔහු ප්‍රකාශ කළ බව එම පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

මේ අතර පසුගියදා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කියා සිටියේ ශ්‍රී ලංකාව දැනටමත් ගුවන් තොටුපලවල ඉන්ධන සැපයීම ලිහිල් කිරීමේ ක්‍රියාවලියක ද නිරතව සිටින බවයි.

මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අත්සන් කර ඇති වැඩසටහනට අනුකූලව සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

මේ අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සියලුම ගුවන් නියමුවන් ඉවත්ව ගිය ද විදේශිය ගුවන් නියමුවන් බඳවා ගෙන හෝ ඉදිරියට පවත්වාගෙන යන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගුවන් නියමුවන් විශාල පිරිසක් විදේශගතව ඇති බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කර ඇත්තේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්.

ප්‍රතිව්‍යුහගත කිරීමේදී ගුවන් සමාගමේ පරිපාලන තීන්දු ගැනීමට අයෝජකයාට සම්පූර්ණ ඉඩකඩ ලබා දෙන බවද ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?