ගුවන් ගත කල යානය හදිස්සීයේ නැවත ගුවන් තොටුපළ වෙත ගොඩ බස්සවයි

අද (28) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාවේ මදුරෙයි බලා පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක්, ගුවන් ගත වී විනාඩි 05 ක කාළයකට පසුව යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බෑමකට ලක් කර තිබෙනවා. ඒ යානයේ කාර්මික දෝශයක් හේතුවෙන්.

ප්‍රංශයේ නිෂ්පාදිත එයා බස් – 321 නියෝ වර්ගයේ ගුවන් යානයක් වන අතර මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන් 41 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 08 දෙනෙකු ගමන් කර තිබේ.මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළෙන් මදුරෙයි බලා පස්වරු 02.02ට පිටත් වූ අතර, එම ගුවන් යානය විනාඩි 05ක ගුවන් ගත වීමකින් පසුව යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත පස්වරු 02.07 ගොඩ බස්වා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?