කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආරක්ෂාව සදහා අනුයුක්ත කර සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරියෙක් විසිස්න් තම සිරුරෙහි සගවා ගෙන, ගුවන් තොටුපොළෙන් පිට කිරීමට තැත්කළ රුපියල් කෝටි දෙකක් වටිනා රන් බිස්කට් තොගයක් අද (19) දින අලුයම රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංච් 37 හැවිරිදි ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ 17 වසරක් සේවයේ නිරත කෝප්‍රල්වරයෙක් බවයි වාර්තා වන්නේ.
ඔහු අද අලුයම 02.00 ට පමණ ග්‍රෑම් 550 ක් බරැති රන් බිස්කට් 40 ක් තම ඉන ප්‍රදේශයේ සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය ඔස්සේ පිට වී යාමට තැත් කිරීමේදී , මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබෙනවා.
සැකකරුව ගුවන් තොටුපොළ රේගු ව යටතේ අත්අඩංගුවේ පසුවන් අතර සිද්ධිඋය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතිනවා.





