ගුරු – විදුහල්පති සංගම් දැඩි තීරණයක ඔවුන්ගේ තීරණය මෙන්න

තම ඉල්ලීම් දිනාගැනීම සඳහා වන අරගලය අවසන් වනතෙක් සිසුන්ගේ විභාග අයදුම්පත්‍ර සම්බන්ධ කටයුතු සිදුනොකරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි.

“මේ වෙනකොට විභාග සඳහා අයදුම්පත් ඉදිරිපත් කරලා නෑ අපි. උසස් පෙළ විභාගයට හා ශිෂ්‍යත්ව විභාගයට අපි ඉදිරිපත් කරන්නෙත් නෑ මේ අරගලය ඉවර වෙනකල්. අපි දැක්කා අමාත්‍යවරයා කියනවා පොලීසි යන්නලු. මොකද්ද මේ කරන්නේ. සැප්තැම්බර් 15 වෙනකල් කල්දීලා තියෙන්නේ. ප්‍රශ්නය විසඳන්න තියෙන්නේ.”

එසේ වුවද දරුවන් ගැන සිතා අදාළ කටයුතු නියමිත දිනට සම්පූර්ණ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් වෘත්තිය සමිතිවලින් ඉල්ලා සිටියේය.

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග සඳහා සිසුන්ගේ අයදුම්පත් සම්පූර්ණකර යැවීමේ අවසන් දිනය ලෙස සැප්තැම්බර් 15 වනදා ප්‍රකාශයට පත්කර ඇත.

වසර 24ක් පුරා නොවිසඳුනු ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාවලට විසඳුම් ලබාදෙන ලෙස රජයට බලකරමින් එම වෘත්තිය සංගම් උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වූ අතර පසුව ඔවුන් සිසුන්ට ඔන්ලයින් අධ්‍යාපනය ලබාදීමෙන්ද ඉවත්විනි.

මේ වනවිට මාස 2 ක කාලයක් දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු අඩපණ වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?