ගුරු ඇඳුම ගැන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

පහසු ඇඳුමකින් සැරසී රජයේ කාර්යාල සඳහා සේවයට වාර්තා කිරීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛය කිසිම අවස්ථාවක ගුරුවරුන්ට අදාළ නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම් දෙනවා.

දිවයිනේ පාසල් කිහිපයක ගුරුවන්රුන් පිරිසක් ඊයේ (21) දිනයේ දී නියමිත සාරිය සහ ඔසරියෙන් පරිබාහිරව වෙනත් ඇඳුම් වලින් සැරසී පාසල් වෙත පැමිණ ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එමෙන්ම ඔවුන් එම ඇඳුම්වලින් සැරසී පාසල් පැමිණි බවට දන්වමින් ඡායාරූප ද සමාජ මාධ්‍යට එක්කර තිබූ අයුරු දැකගත හැකි වුණා.

කෙසේ වෙතත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මඟින් නිකුත් කරනු ලබන චක්‍රලේඛ ගුරුවරුන්ට ද අදාළ වන බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පැවසුවේ.