AFC Banner
Empty Ad
Empty Ad

ගුරුදේව් ශ්‍රී ශ්‍රී රවිශංකර් අගමැති දිනේෂ් හමුවෙයි

ගෝලීය සාම තානාපති, අධ්‍යාත්මික නායක, ආර්ට් ඔෆ් ලිවින්ග් පදනමේ නිර්මාතෘ ගුරුදේව් ශ්‍රී ශ්‍රී රවිශංකර්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවුණා.

අරලියගහ මන්දිරයේ දී ඊයේ (18) මෙම හමුව සිදු වූ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කළේ.

තරුණ තරුණියන්ගේ කුසලතා සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ ගාස්තු රහිත අධ්‍යාපන මධ්‍යස්ථාන පිහිටුවීමට තම පදනම සැලසුම් කරන බව ගුරුදේව් මෙහිදී සඳහන් කළා.

ආයුර්වේද පර්යේෂණ ආයතනයක් පිහිටුවීමට ද ඔහු කැමැත්ත පළකර ඇති අතර, එම පදනම විසින් මඩකලපුව සහ වැල්ලවාය ප්‍රදේශවල ළමා නිවාස දෙකක් ද ස්ථාපනය කර තිබෙනවා.

මෙම අවස්ථාවට නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයන්ත වීරසිංහ, යදාමිණි ගුණවර්ධන, ආචාර්ය එන්.රාමනුජම්, විනෝද් මුණසිංහ, මධු රාඕ සහ ආර්ට් ඔෆ් ලිවිං පදනමේ ප්‍රමුඛ පෙළේ සාමාජිකන් එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?