AFC Banner
Empty Ad
Empty Ad

ගුද මාර්ගයේ සහ බෑග්වල හංගා ගෙනා රත්‍රං ජෙල් ගුලි සමග 06ක් අල්ලයි

නීතිවිරෝධී ලෙස ‘රත්‍රං’ ජෙල් ගුලි වශයෙන් සකසා ඒවා තම සිරුරුවල ගුද මාර්ගයේ සහ ගමන් මළු තුළ සූක්ෂ්ම ලෙසින් සඟවා මෙරටට රැගෙන ඒමේ දී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් ශ්‍රී ලාංකිකයින් සයදෙනෙකු අත් අඩංගුවට ගැනීමට කටයුතු කරනු ලැබුවා.

මෙලෙස ගෙන ආ රත්‍රං ජෙල් ගුලිවල වටිනාකම රුපියල් කෝටි 18ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

ඊයේ (25) රාත්‍රියේ දී මොවුන් ව අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් කල්මුණේ, මූතූර්, කොළඹ – 10, කළගෙඩිහේන සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 30 ත් – 50ත් අතර පසුවන, නිතර ගුවන් ගමන්වල නිරත වන පුද්ගලයන් සයදෙනෙක් බවත් හෙළි ව ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මොවුන් ඩුබායි සිට ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත පැමිණ එතැන් සිට ඊයේ පස්වරු 01.20 ට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ – 1175 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙම පුද්ගලයන් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් පරිලෝකන යන්ත්‍ර (Scan Test) පරීක්ෂා කිරීම්වලට යොමු කිරීමෙන් පසුව අත්අඩංගුවට ගැනීම සිදු කළ බවත් වාර්තා වනවා.

මොවුන් අතරින් පුද්ගලයන් සිව්දෙනෙකු මෙම රත්තරන් ජෙල් අඩංගු ගුලි සිය සිරුරුවල ගුද මාර්ග තුළත්, තවත් දෙදෙනෙකු තම ගමන් මළු තුළත් මෙම රත්තරන් ජෙල් කිලෝ ග්‍රෑම් 08 යි ග්‍රෑම් 632 ක් සඟවා ගෙන තිබූ බවයි හෙළි ව ඇත්තේ.

සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නි‍යමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?