ගුජරාට් පාලමක් ගඟකට කඩා වැටෙයි – 10ක් මරුට

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ වඩෝදර ප්‍රදේශයේ පිහිටි ගාම්භීර නමැති පාලම කඩා වැටී පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා.

මෙම පාලමේ පසුපස කොටස කඩා වැටී ඇති අතර එහි ඒ වනවිට ධාවනය වෙමින් තිබූ ට්‍රක් රථ දෙකක්, SUV රථයක්, පිකප් වෑන් රථයක් සහ ඔටෝ රික්ෂෝවක් මහීසගර් ගඟට ඇද වැටී ගිලී ගොස් ඇති බවයි හින්දුස්තාන් පුවත් සේවය වාර්තා කළේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසට ගුජරාට් ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය භූපේන්ද්‍ර පටෙල් නියෝග කර තිබෙනවා.

ගඟට වැටුණු පුද්ගලයින් බේරා ගැනීමට මේ වනවිට ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

අනතුරින් මියගිය ගණන ඉහළ යා හැකි බවත් ප්‍රාන්ත බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?