ගුජරාට් පාලමක් ගඟකට කඩා වැටෙයි – 10ක් මරුට

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ වඩෝදර ප්‍රදේශයේ පිහිටි ගාම්භීර නමැති පාලම කඩා වැටී පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා.

මෙම පාලමේ පසුපස කොටස කඩා වැටී ඇති අතර එහි ඒ වනවිට ධාවනය වෙමින් තිබූ ට්‍රක් රථ දෙකක්, SUV රථයක්, පිකප් වෑන් රථයක් සහ ඔටෝ රික්ෂෝවක් මහීසගර් ගඟට ඇද වැටී ගිලී ගොස් ඇති බවයි හින්දුස්තාන් පුවත් සේවය වාර්තා කළේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසට ගුජරාට් ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය භූපේන්ද්‍ර පටෙල් නියෝග කර තිබෙනවා.

ගඟට වැටුණු පුද්ගලයින් බේරා ගැනීමට මේ වනවිට ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

අනතුරින් මියගිය ගණන ඉහළ යා හැකි බවත් ප්‍රාන්ත බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49
Video thumbnail
කුරුවිට බන්ධනාගාරයට ආ ආරක්ෂක අංශ පිටව ගිය හැටි
02:18
Video thumbnail
STF ඇතුළු ආරක්ෂක අංශ පල්ලන්සේන බන්ධනාගාරය තුළට
00:54
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද මහේස්ත්‍රාත්වරයා කුරුවිට බන්ධනාගාරයට පැමිණෙන අයුරු
02:20
Video thumbnail
බන්ධනාගාරවල ඇතිවූ නොසන්සුන්තාව ගැන අධිකරණ ඇමති කට අරියි - කිසිම චාන්ස් එකක් නෑ කුමන්ත්‍රණ කරන්න
02:34
Video thumbnail
කුරුවිට බන්ධනාගාරයට ආ ආරක්ෂක අංශ පිටව ගිය හැටි - කට්ටිය පෝළිමට එළියට
03:15
Video thumbnail
අකිලගේ ආරක්ෂාව ගැන බන්ධනාගාර කොමසාරිස්ට එජාපයෙන් ලිපියක් - එතුමාගේ ජීවිතේ අනතුරේ
01:29
Video thumbnail
අර්චුනා හදිසියේම නැගිටියි - රට බෙදන කතා මම කිව්වේ නෑ..එහෙම එකක් දෙමළෙන් කිව්වේ නෑ
01:37