ගිරිරාජ් කෞෂල්‍ය ආයෙ කවදාවත් රඟපාන්න එන්නෙ නැද්ද

ගිරිරාජ් කෞෂල්‍ය කියන්නෙ වේදිකාවෙත් , ටෙලි තිරයෙත් , සිනමාවෙත් දක්ෂතා පෙන්වූ හාස්‍ය රංගන ශිල්පියෙක්. විශේෂයෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂණයටත් පිවිසිණු ඔහු, “සිකුරු හතේ”, “සුහද කොකා” වැනි චිත්‍රපටවල අධ්‍යක්ෂකවරයා ද වනවා.

එමෙන්ම, ඔහු අධ්‍යක්ෂණය කළ තවත් චිත්‍රපටයක් ළඟදීම සිනමාහල්වල තිරගත වීමට නියමිතයි.

මේ අතර, පසුගිය දිනවල ගිරිරාජ් කෞෂල්‍ය හදිසියේ අසනීප වූ අතර, ඔහුට ඉතා අසාධ්‍ය බවට මුහුණු පොතේ තොරතුරු හුවමාරු වුණා.

කෙසේ වෙතත්, මේ පිළිබඳව සත්‍ය අසත්‍ය තහවුරු කර ගැනීම සඳහා අපි ගිරිරාජ්ට සමීප ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සම්බන්ධ කරගත්තා.

“ගිරිරාජ්ට අසාධ්‍ය කියන කතාව බොරු. ඔහු අසනීපෙන් තමයි ඉන්නේ.. ඔහුට සුපුරුදු විදිහට ප්‍රතිකාර කටයුතු වෙනවා. ඒත් ඔහු හිටපු විදිහට හිනාවෙලා කතාබහ කරලා ඉන්නවා. ඔහු රංගනයෙන් ඉවත් වුණා, දැන් රඟපාන්න බෑ කියලා, ගොඩක් අය බොරු ප්‍රචාර යවනවා. එහෙම දෙයක් නැහැ. එකම දේ ඔහු නෑවිත් ඉන්නෙ රටේ දැන් තියෙන කොවිඩ් වාතාවරණය නිසා ඔහුගේ සෞඛ්‍යයට ඉන් නරකක් වේවී කියන ගැටලුව නිසා. නැතුව කිසිම වෙලාවක අපේ මිත්‍රයා ක්ෂේත්‍රයෙන් ඉවත් වෙලා නැහැ. මේ ඔක්කොම විශිෂ්ට කලාකරුවන්ගේ ප්‍රසිද්ධිය සහ දක්ෂතාව පාවිච්චි කරලා, හම්බ කරගෙන කන්න දඟලන වෑයමක්. ඉක්මනින් සුව වුණාම ඔහු ආපහු රංගනයට ඒවී. පේජ් කරන අයගෙන් අපි ඉල්ලන්නෙ කරුණාකරලා බොරු ප්‍රචාර යවන්න එපා තමන්ගෙ බඩගෝස්තරය වෙනුවෙන්..”

කෙසේ වෙතත්, මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින ඒ ආදරණීය රංගන ශිල්පියා ඉක්මණින් සුවපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
226
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩ්ඩන්ගේ අපූරු නිදහස් දින සැමරුම
01:34
Video thumbnail
ජනාධිපති කොටීන්ට බයයි ද.. රණවිරුවෝ කියලා කියන්න දිව නැමෙන්නේ නෑ
08:21
Video thumbnail
"Politicsවල නිව් වයිබ් එකට සෙට් වෙමු" SMART UNPයේ රනිල් කිව්ව අලුත් වුණ පෙම් කැකුළ
08:26
Video thumbnail
පක්ෂ නායක රනිල් පක්ෂයේ තරුණයන්ට දුන්න සුපිරි Surprise එක..හැමෝගෙම ඇස් උඩයයි
02:03
Video thumbnail
රනිල් ඉස්සරහම UNP වේදිකාව වර්ණවත් කළ තරුණියන්ගේ අපූරු නැටුම
04:24
Video thumbnail
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය
40:15
Video thumbnail
කලාතුරකින් දකින්න ලැබෙන නිල රථය සහ නිල ඇඳුම
01:12
Video thumbnail
සර්වඥ ධාතූන් වහන්සේලා සුදු පාවඩ මැදින් දැඩි ආරක්ෂාව මැද වැඩමවන හැටි
01:18
Video thumbnail
ජනාධිපතිතුමා සර්වඥ ධාතූන් වහ්සේලා වැඳ පුදාගනී
01:43
Video thumbnail
ක්‍රිකට් නිසා කුපිත වුණ ප්‍රවීණ නළුවෙක් හොඳටම දෙසයි..අපිට ක්‍රිකට් කියන්නේ ආගමක්
00:58


?