ගිනි ගණන්වලට අසාධාරණ ලෙස වාහන විකුණපු කාලේ ඉවරයි

මේ වෙද්දි වාහන මිල ගණන් හිතූ හිතූ විදිහට අසීමිත ලෙස ඉහළ ගිහින් තිබෙනවා.

ඒ විදිහට අසාධාරණ විදිහට ලාභ උපයමින් නීතිවිරෝධීව කටයුතු කළ ප්‍රධාන පෙළේ සමාගම් කීපයකට එරෙහිව පුත්තලම පාරිභෝගික අධිකාරිය විසින් නීත්‍යානුකූලව කටයුතු සිදු කර ඇති බව වාර්තා වනවා.

මෙරට ප‍්‍රධාන පෙලේ වාහන ආනයන සමාගම් කිහිපයකට එරෙහිව වාහන අමතර කොටස් වල මිල සඳහන් නොකිරීම, සඳහන් මිල වෙනස් කිරීම, මිල සඳහන් නොකර පැරණි තොග ද වර්තමාන මිල ගණන් වලට අලෙවි කිරීම සම්බන්ධව පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති බවද සඳහන්.

වාහන අමතර කොටස් වල මිල ලකුණු නොකිරීම සහ ඒ හරහා සිදුකරන අක්‍රමිකතා පිළිබඳව දිස්ත්‍රික්කය පුරා පිහිටි වෙළඳසැල් සහ ආයතන සම්බන්ධව පුත්තලම පාරිභෝගික අධිකාරිය මගින් තව දුරටත් විමර්ශන ක්‍රියාත්මක කරන බවයි වාර්තා වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
46
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?