spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගිනි අවි ළඟ තබාගෙන ඉන්න අයට දැනුම්දීමක්

බලපත්‍ර නොමැතිව ගිනි අවි ළඟ තබාගෙන සිටින පුද්ගලයින්ට එම ගිනි අවි පොලිසිය වෙත භාරදීම සඳහා සහන කාලයක් ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

පසුගිය 06 වනදා නිකුත් කරන ලද අංක 2318/02 දරන රජයේ ගැසට් පත්‍රය අනුවයි පෙබරවාරි 06 සිට 2023 පෙබරවාරි 15 දක්වා මෙම සහන කාලය ප්‍රකාශයට පත් කර ඇත්තේ.

එම සහන කාලය තුළ බලපත්‍රයක් නොමැතිව ළඟ තබාගෙන සිටින සියලුම ගිනි අවි ළඟම ඇති පොලිස් ස්ථානයට භාර දිය යුතු බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

සහන කාලසීමාව තුළ එවැනි බලපත්‍ර රහිත අවි භාර දෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා අතර එම කාලසීමාව අවසන් වූ පසු බලපත්‍ර නොමැතිව ගිනි අවි ළඟ තබාගෙන සිටින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් දිවයින පුරා මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

බලපත්‍ර නොමැතිව ගිනි අවි ළඟ තබාගෙන සිටින සියලු දෙනා අත්අඩංගුවට ගැනීමෙන් සහ නඩු පැවරීමෙන් වැළකීම වෙනුවෙන් මෙම සහන කාලය භාවිතා කරන ලෙස රජය දැනුම් දෙනවා.

මේ සම්බන්ධයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සිවිල් ආරක්ෂක හා සංවර්ධන) ඩී.එම්. සමන් දිසානායක මහතා 011-2335792 මගින් වැඩිදුර තොරතුරු ලබාගත හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?