ගිනි අවි ළඟ තබාගෙන ඉන්න අයට දැනුම්දීමක්

බලපත්‍ර නොමැතිව ගිනි අවි ළඟ තබාගෙන සිටින පුද්ගලයින්ට එම ගිනි අවි පොලිසිය වෙත භාරදීම සඳහා සහන කාලයක් ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

පසුගිය 06 වනදා නිකුත් කරන ලද අංක 2318/02 දරන රජයේ ගැසට් පත්‍රය අනුවයි පෙබරවාරි 06 සිට 2023 පෙබරවාරි 15 දක්වා මෙම සහන කාලය ප්‍රකාශයට පත් කර ඇත්තේ.

එම සහන කාලය තුළ බලපත්‍රයක් නොමැතිව ළඟ තබාගෙන සිටින සියලුම ගිනි අවි ළඟම ඇති පොලිස් ස්ථානයට භාර දිය යුතු බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

සහන කාලසීමාව තුළ එවැනි බලපත්‍ර රහිත අවි භාර දෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා අතර එම කාලසීමාව අවසන් වූ පසු බලපත්‍ර නොමැතිව ගිනි අවි ළඟ තබාගෙන සිටින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් දිවයින පුරා මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

බලපත්‍ර නොමැතිව ගිනි අවි ළඟ තබාගෙන සිටින සියලු දෙනා අත්අඩංගුවට ගැනීමෙන් සහ නඩු පැවරීමෙන් වැළකීම වෙනුවෙන් මෙම සහන කාලය භාවිතා කරන ලෙස රජය දැනුම් දෙනවා.

මේ සම්බන්ධයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සිවිල් ආරක්ෂක හා සංවර්ධන) ඩී.එම්. සමන් දිසානායක මහතා 011-2335792 මගින් වැඩිදුර තොරතුරු ලබාගත හැකියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40