AFC Banner
Empty Ad
Empty Ad

ගිනස් වාර්තාවක් තබන්න යන සාරා “රත්මලානට” (PHOTOS)

සැහැල්ලු ගුවන් යානයක නැඟී ලොව වටා සංචාරයක යෙදෙන 19 හැවිරිදි ගුවන් නියමුවරියක වන සාරා රදර්ෆර්ඩ් අද රත්මලාන ගුවන්තොටුපොළට පැමිණියා.

ඒ ඇයගේ ලෝක සංචාරය අතරතුර යි.

සාරාගේ බලාපොරොත්තුව වන්නේ, සැහැල්ලු ගුවන් යානාවක නැඟී, ලොව වටා සංචාරය කළ ළාබාලතම ගුවන් නියමුවරිය වීමට යි.

මෙම සංචාරය තුළ දී ඇය රටවල් 52ක සිය ගුවන් යානය ගොඩබැස්වීමට සැලසුම් කර ඇති අතර, දෙවරක් සමකය හරහා යෑමටත් බලාපොරොත්තුවෙන් පසු වෙනවා.

සාරා මෙම සංචාරය තුළ දී බලාපොරොත්තු වෙන්නේ, තිස් හැවිරිදි අමෙරිකානු ජාතික ගුවන් නියමුවරියක වෙන ‘ශෙෂ්ටා වයිස්’ විසින් වසර 2017 දී පිහිට වූ වාර්තාව බිඳ හෙළීමට යි.

ගුවන් නියමු පවුලකින් පැවත එන සාරා සිය පළමු ගුවන් නියමු අද්දැකීම ලබාගන්නේ, ඇයට යන්තම් වසර 14ක් පිරෙද්දියි.

ඇය සිය ගුවන් නියමු බලපත්‍රය වසර 2020 දී ලබාගන්නා විට ඇයගේ වයස අවුරුදු 17ක්.

ශාක්.යූ.එල් වර්ගයේ අතිසැහැල්ලු ගුවන් යානාවකින් ඇය මෙම ලෝක සවාරියේ යෙදෙන අතර, එම ගුවන් යානය සැහැල්ලු ගුවන් යානා අතර තිබෙන වේගවත් ම ගුවන් යානාවක් ලෙසින් ද සැලකෙනවා.

සාරා මෙම සංචාරය අතරතුර දී අත්ලාන්තික සයුර හරහා ග්‍රීන්ලන්තය, කැනඩාව, දකුණු අමෙරිකාව හරහා ඇලස්කාව දක්වාත් එතැනින් රුසියාව හා ඉන්දුනීසියාව දක්වාත් ගමන් කිරීමට නියමිත යි.

ඉන් අනතුරුව යි ඇයගේ මෙම ත්‍රාසජනක චාරිකාව යුරෝපය දෙසට යොමු වෙන්නේ.

අගෝස්තු 11 වැනි දා බෙල්ජියමේ රසල්ස් නුවරින් ආරම්භ කෙරුණු මෙම ලෝක චාරිකාව මාස තුනක කාලයක් තුළ දී අවසන් කිරීමට නියමිත යි.

sara 2
sara 1
sara 3
sara 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
28
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?